2017 වසර සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් මස 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පත සඳහා අද (04දා) කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ පවසා සිටියේ අද (04දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.