2016 වසෙර්දී රිය අනතුරු 35199ක් සිදුව ඇති බවත් ඒ හේතුවෙන් මරණ 3017ක් සිදුව ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අද (21දා) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වාහන සංඛ්‍යාව වර්ධනය වීම, මාර්ගවල තත්ත්වය මෙන්ම ත්‍රිරෝද රථ සංඛ්‍යාව මෙම අනතුරු සඳහා හේතුවී ඇති බවත් අමාත්‍යවරා පෙන්වා දුන්නේය.
2014 අනතුරු 37966 මරණ 2440
2015 අනතුරු 38107 මරණ 2816
2016 අනතුරු 35199 මරණ 3017