පසුගිය (2016) වසරේ ලාදුරු රෝගීන් 1853ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාඅද (03දා) පැවසීය.‘2020 දී ලාදුරුවලින් තොර ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ඔහු මේ බව කීය.
ඒ අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් හමු වී ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.
මෙම අවස්ථාවට ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණානායක මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරු පිරිසක් එක්ව සිටියහ.