2015 වසරේදී ලෝක තරුණ ජනගහනය බිලියන 03 ක් පමණ වනු ඇති බවත්, වර්තමාන තාරුණ්‍යය වගකීම් රැසකට මුහුණදී සිටින බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හම්බන්තොටදී ආරම්භ වූ ලෝක තරුණ සමුළුව අමතමින් ජනපතිවරයා ඉහත අදහස් ප්‍රකාශ කළේය.
දිනෙන් දින ඉහළ යන වැඩිමහලු ජනතාවට සලකන අතරතුර තමන්ගේ ජීවිකාව සරු කරගැනීමේ මංපෙත් සොයායාමට තරුණ තරුණියන්ට සිදුව ඇති බවත් ජනපතිවරයා පෙන්වාදුන්නේය.
එසේම ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදය අවසන් වීම හරහා තරුණ පිරිස් අතර වඩාත් සුරක්ෂිත, යහපත් හා සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු නැවත පණගැන්වී ඇති බවද ජනපතිවරයා පැවසීය.