2015 ජනපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ තමන්ද අලුත් ව්‍යවස්ථාවක් ගැන සඳහන් කර තිබුණත් එය රට බෙදෙන ව්‍යවස්ථාවක් නොව රට එක්සේසත් කරන ව්‍යවස්ථාවක් වූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නව ව්‍යවස්ථාවක් සඳහා වන අතුරු කමිටු වාර්තාවේ විවාදයට එක්වෙමින් හිටපු ජනපතිවරයා අද (02දා) පාර්ලිමේන්තුවේදී මෙම අදහස් දැක්වීය.
නව ව්‍යවස්ථාවෙන් යොජිත බලය බෙදීමේ යෝජනා අත්හැර ආණ්ඩුව 2015 ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් ව්‍යවස්ථාමය ප්‍රතිඥා දෙක පමණක් ක්‍රියාත්මක කරන්නැයි තමන් ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එසේම තම නායකත්වය යටතේ තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 40කට වඩා ආණ්ඩුවේ ඇමති තනතුරු හොබවන පවත් ඔවුන්ට අලුත් ව්‍යවස්ථාවට ඡන්ද නොදී එය පරාජය කළ හැකි බවත් හිටපු ජනපතිවරයා සඳහන් කරයි.
නව ව්‍යවස්ථාවෙන් පළාත් සභාවෙත බලය පැවැරියහොත් පාර්ලිමේන්තුවේ බලය ගිලිහෙනු ඇති බවත් ඔහු පැවැසීය.