2015ට පෙරට වඩා ලංකාව ආරක්ෂිත හා නිදහස් රටක්
2015ට පෙර පැවැති තත්ත්වයට වඩා ශ්රී ලංකාව ආරක්ෂා සහිත හා නිදහස් රටක් බව ඇමෙරිකාව සඳහන් කරයි. ශ්රී ලංකා පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ඒකාබද්ධ ප්රකාශයක් කරමින් ඇමෙරිකාව මේ බව සඳහන් කරයි.
ශ්රි ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් එක්ව ගෙන ආ 30/1 හා 34/1 යෝජ නාවලියට අදාළව ඇමෙරිකාව මෙම ප්රකාශය කළේය. මැසඩෝනියාව, මොන්ටෙනෙග්රෝ හා එක්සත් රාජධානිය වෙනුවෙන් ඇමෙරිකාව මෙම ප්රකාශය කළේය.
ශ්රී ලංකාව මානව හිමිකම් වලින් මෙන්ම ප්රජාතන්ත්රාවාදී වශයෙන් වර්ධනයක් පෙන්නුම් කර ඇති නමුත් එහි වේගය ප්රමාණවත් නොවන බව ඇමෙරිකාව සඳහන් කරයි.
ශ්රී ලංකාවට තවත් දේ කිරීමට තිබෙන බවත් ශ්රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව වන වාර්තා පිළිබඳව තමන් දැනුවත් බවත් පවසයි.
පැහැදිලි නායකත්වයකින් හා නිවැරදි කාල රාමුවකින් ශ්රී ලංකිකයන්ගේ සහායෙන් ප්රතිසංස්කරණය කටයුතු සිදුකිරීමට අවස්ථාව ඇති බවත් ඇමෙරිකාව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

