2015 අයවැය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයට වඩාත් හිතකරලු
පූර්ව අයවැය අදහස් විමසීම්වලදී සුළු හා මධ්‍ය පරිමාණ අංශ ව්‍යවසායකයන්ගෙන් අති විශාල යෝජනා ප්‍රමාණයක් ලැබී ඇති බැවින්, 2015 අයවැය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයට වඩාත් හිතකර එකක් වීමට වැඩි ඉඩක් ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය, මාතර හා ගාල්ල දිස්ත්‍රික් වාණිජ මණ්ඩල හා එක්ව ප්‍රථම සංවිධානය කළ, දකුණු පළාතේ හොඳම ව්‍යවසායකයන් සඳහා සම්මාන ප්රදානය කිරීම වෙනුවෙන් පැවැත්වූ උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙරට දළ ජාතික නිෂ්පාදිතයට 65% කම දායකත්වය ලබාදෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් විසින් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                