2014 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම මැයි මස 20 වැනිදා සිට සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
ඒ අනුව මේ අයදුම්පත් මැයි 20දා සිට ජූනි 20 වැනිදා දක්වා භාරගැනීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව පැවසෙයි.
ඒ අනුව, ඊට අදාළ ගැසට් නිවේදනය ලබන 20දා ජාතික පුවත්පත්වල පළකරන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.