එදාමෙදා තුර වාර්තා වී ඇති දත්ත අනුව පෘථිවිය මුහුණදුන් වඩාත් උෂ්ණාධිකම වර්ෂය ලෙස 2014 නම් කළ හැකි බව ඇමෙරිකානු විද්‍යාඥයෝ පවසති.
නාසා සහ නෝආ පර්යේෂණ විද්‍යඥයන් එකතුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර, දීර්ඝ කාලීන ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සලකා බැලීමේදී පසුගිය වසරේදී එය සාමාන්‍ය තත්ත්වයට වඩා සෙල්සියස් අංශක 0.68ක ඉහළ යෑමක් පෙන්වා ඇත.
1951 සිට 1980 දක්වා කාලය තුළ දත්ත එක්රැස් කිරීමෙන් මෙම දීර්ඝ කාලීන ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය ගණනය කෙරෙයි.
උෂ්ණාධික වර්ෂ එකතුවක හා උෂ්ණාධික දශක කිහිපයක වාර්තා වූ වඩාත් ඉහළ උෂ්ණත්වයක් පෙන්වන වසර ලෙස 2014 සැලකිය හැකි බව නාසා විද්‍යාඥ ගැවින් ෂෙමිට් පවසයි.