කැබිනට් සංශෝධනවලදී සියලුදෙනාටම බොහෝ කලකිරීම් ඇතිවන බව සමකැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
2010 වසරේදී සිදුකළ කැබිනට් සංශෝධනයෙන් සෞඛ්යඅමාත්යධුරය හිමිවීම හේතුවෙන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කලකිරීමෙන් සිටි බවත්, ඒ අවස්ථාවේ ඔහුගේ ඇස්වල කඳුළු පිරී තිබූ බවත් අමාත්‍යවරයා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ ඊයේ(28දා)ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැතිකැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
&කැබිනට් සංශෝධන ගණනාවකටම මම මුහුණදුන් පුද්ගලයෙක්. කැබිනට් සංශෝධනවලදී බොහෝ කලකිරීම් ඇතිවෙනවා. මම උදාහරණයක් කියන්නම්. 2010 දී එවකටහිටපු ජනාධිපතිතුමා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අලුතින් පත්කරපුවෙලාවේ ඇමතිකම් ලැබුණු හැමෝම එකක් කතාකළා. ජෝන් සෙනවිරත්න ඇමතිතුමා එක්ක කතාකරද්දි එතුමත් දැඩි කලකිරීමකට පත්වෙලා හිටියේ. මම ධීවර ඇමතිවූ නිසා මමත් දැඩිකලකිරීමකට පත්වෙලා. එතුමා මට කියනවා මගේ අමාත්‍යාංශය හරි හොඳයි ඇයි කලකිරෙන්නේ කියලා. ඊටපස්සේ මම නිමල් සිරිපාල ඇමතිතුමාගෙන් ඇහුවා. එතුමා බලාපොරොත්තුවූ දේවල් ලැබිලා තිබුණෙත් නැහැ. දැඩිකලකිරීමකින් හිටියේ.නිමල් මගෙන් ඇහුවා ඔයාට මොකද කියලා. ධීවර නිසා මමත් කලකිරීමෙන් ඉන්නේ කියලා කිව්වා. ඒක ෂෝක්නේ කිව්වා එතකොට. හැබැයි මට ෂෝක් නැහැ, අනිත් හැමෝටම ෂෝක්.
ඊට පස්සේ මම අපේ වර්තමාන ජනාධිපතිතුමාගෙන් ඇහුවා. එතකොට එතුමාගේ ඇස්දෙකේ කඳුළුත් තිබුණා. එතුමා සෞඛ්‍ය ඇමතිකළාට කනගාටුවෙන් හිටියේ. මට ධීවර ලැබිලා මමත් කලකිරීමෙන් ඉන්නේ කියද්දි එතුමා කියනවා ධීවර හොඳයි කියලා. ධීවරවලට මම කැමැති නැහැ කිව්වා. සාමාන්‍යයෙන් හැමෝම තමන්ගේ විෂය වෙනස් වුණාම විරුද්ධයි. මොකද එකපාරටම වෙනස දරාගන්න බැහැ* යැයි පැවසීය.