වසර 2005 – 2012 කාලසීමාව තුළ දී පමණක් මත්පැන් බලපත්‍ර 260 ක් නිකුත් කර ඇති අතර, 2005 – 2013 කාලසීමාව තුළ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර 371 ක් මෙරට තුළ ක්‍රියාත්මක කර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් හා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඊයේ (10 දා) නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙස මෙකී තොරතුරු මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
මෙහිදී මත්පැන් සම්බන්ධ ප්රශ්නය හැරිසන් මහතා විසින් යොමුකරන ලදී.