2004 සුනාමියෙන් අතුරුදන් වූ දැරියක් වසර 10කට පසු හමුවෙලා
2004 දෙසැම්බර් මස 26 වැනිදා ශ්රී ලංකාවටත් දැඩි බලපෑමක් ඇති කරමින් දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ඇති වූ සුනාමි අනතුරින් අතුරුදන් වූ ඉන්දුනීසියානු දැරියක් වසර 10කට පසුව නැවත හමුවීමේ සුවිශේෂී සිදුවීමක් වාර්තා වෙයි.
එවකට හතරවැනි වියෙහි පසුවූ රවුධාතුල් ජානා නම් වූ ඇය සිය හත් හැවිරිදි සහෝදරයා සමග සුනාමි ජලයේ ගසාගෙන යද්දී දෙමාපියන්ගෙන් වෙන්වී තිබූ අතර, එවකට ඔවුහු බටහිර අචේ ප්රදේශයේ ජීවත්ව සිටියහ.
ජානාගේ මව වන ජමාලියා පවසන්නේ තමන් හා ස්වාමියා සුනාමියෙන් දිවි ගලවාගත්තත් දරුවන් දෙදෙනා කොතෙක් සොයා සිටියද ඔවුන් හමු නොවූ බවයි. අනතුරුව සුනාමියට හසුවූ දරුවන් මිය යන්නට ඇති බව අකමැත්තෙන් වුවද ඔවුන්ට විශ්වාස කිරීමට සිදුව තිබේ.
කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේදී ජමාලියාගේ සහෝදරයෙකු විසින් තම නැගෙනියගේ දියණියගේ හැඩරුව ඇති දැරියක දැකීමෙන් පසු ඇය සොයාගොස් ඇත.
ඒ 2004 සුනාමියෙන් අතුරුදන් වූ සිය නැගෙනියගේ දියණිය බව ඔහු සැකහැර හඳුනාගෙන ඇත.
එහිදී, අනාවරණය වූයේ ධීවරයෙකු විසින් ජානා බේරාගැනීමෙන් පසුව ඇයව හදාවඩාගෙන ඇති බවයි. එහිදී, වෙනී යනුවෙන් ඇයට නම් තැබූ ධීවරයාගේ බිරිඳ මේ දැරිය මෙම වසර 10ක කාලය හදාවඩාගෙන තිබේ.
සිය දියණිය පිළිබඳ ආරංචිය ලැබීමෙන් පසු ජමාලියා සහ ඇගේ සැමියා වහාම මේ නිවස වෙත ගොස් ඒ දියණිය දැකගැනීමෙන් පසු අද වෙනී යනුවෙන් හැඳින්වෙන ඇය තමන්ගේ ජානා බව සැකහැර හඳුනාගෙන ඇති බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

