විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රට වසර 42ක් ආපස්සට ගමන් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
අද (08දා) කොළඹදි පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය. ජනතාවගේ අයිතීන් රජයට ගැනීමට නූතන යුගයේ ඉඩක් නොමැති බවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු පැවැති බවත් ඔහු සඳහන් කළේය.
“මාඳුළුවාවේ නායක හිමි බලාපොරොත්තු වුණ සියලුම දේවල් 19න් සාක්ෂාත් වුණේ නැති වුණාට බොහෝ දේවල් ලැබුණා. 72 ජන රජ ව්‍යවස්ථාවෙන් වුණේ අධිරාජ්‍යයට තිබුණ බලය ජනරජයට පවරා ගැනීමයි.
78 ව්‍යවස්ථාවෙන් රාජ්‍යයට පැවැරුණු බලය වඩා ප්‍රගුණ කිරීමක් සිදුවුණා. 17 හා 19 තමයි ජනතා අවශ්‍යතා සඳහා බිහිවුණේ. මේ ව්‍යවස්ථා දෙකෙන් වුණ දේ තමයි පාර්ලිමේන්තුවේ විවිධ මතිමතාන්තර දරපු අය එක්වුණා.
17 හා 19ට එක් මන්ත්‍රීවරයෙක් හැරෙන්න සියලු දෙනාම ඡන්දය දුන්නා. 17 ආපසු හරවන්න 18 ගෙනාව වගේම 19 ආපසු හරවන්න 20 ගෙනාවා.
විස්ස ජේ. ආර්. ගේ 78 වැනි ව්‍යවස්ථාව දක්වා ගමන් කරනවා. ඒ අනුව අපි අවුරුදු 42ක් ආපස්සට යනවා. මේවා තාවකාලික වැඩ ජනතාවගේ අයිතීන් රජ්‍යයට යට කර ගැනීම නූතන යුගයේ තාවකාලික වෑයම්.
ඒ වෑයම් තුලින් ජනතාවට භයානක තත්ත්වයක් උද්ගත වෙනවා. 19 අඩුපඩු තිබෙනවා. මමත් අමාත්‍යවරයෙක් ලෙස රාජ්‍ය සේවා කොමිෂන සභාවේ අඩුපාඩු දැක්කා. තාක්ෂණික අඩුපාඩු තිබුණා. නීති ගෙනාවට රෙගුලාසි ගෙනාවේ නෑ. ඒවා කෙරුණේ නෑ. ඒක කිසිම හේතුවක් නෙමෙයි මේක ආපසු හරවන්න.”