විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන එන 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වුවහොත් 2020 ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පාරිලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබෙන නියමිතව තිබෙන 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වුවද එය ක්‍රියාත්මක වන්නේ 2020 ජනවාරි 09 වැනිදා සිට බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එතෙක් වර්තමාන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තිබෙන බලය එලෙසම පවතින බවද ඔහු පවසා සිටියේය.
එහෙත් 20 වැනි ව්‍යවස්ථාවෙන් අග්රාමාත්යවරයෙකුට යම් බලතල ප්‍රමාණයක් හිමිවන නිසා නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කරගැනීම සඳහා 2020 ජනවාරි 09 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.