මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඊයේ (22දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව ඇති අතර, එය ප්‍රතිපත්තියක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව 'අද' ට වාර්තා වෙයි.
එහිදී, කැබිනට් මණ්ඩලය විසින් අවශ්‍ය නම් හදිසි පනතක් ලෙස වුවද එම සංශෝධනය ගෙන ඒමට තීන්දු කර තිබේ. කෙසේ වෙතත්, මීළඟ කැබිනට් රැස්වීමට පෙර නැවතත් පක්ෂ නායකයන් සමග මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමටද එහිදී එකඟත්වය පළ වී ඇත.
20 වැනි සංශෝධනයට අනුව, සමස්ත මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255ක් වන අතර, 165ක් ඡන්ද කොට්ඨාස ක්රමයටත්, 66ක් හොඳම පරාජිතයන් අතරිනුත්, 24ක් ජාතික ලැයිස්තුවෙනුත් තේරීපත්වීමට නියමිතය.