වත්මන් පාර්ලිමේන්තුවට 2016 වසරේ අප්‍රේල් මස දක්වා කාලය පවතින හෙයින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මතකරගෙන ඒ යටතේම නව මැතිවරණයට යා හැකි බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.
ප්රවෘත්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම මන්ත්‍රී කොට්ඨාස සංඛ්‍යාව 25%කින් අඩු කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත්, මැතිවරණ කොට්ඨාස ගණන 140-160 අතර අගයක පැවැතිය යුතු බවත් නිදහස් පක්ෂයේ මතය වී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.