මාර්තු 20 දායින් පසුව වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
හෙට දිනය සඳහා වන කාලගුණ විද්‍යා නිවේදනය නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
හෙට දිනයේදී උතුරු පළාත හැර අනෙකුත් බොහෝ ප්‍රදේශවල සවස 2න් පසු තැනින් තැන වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.