එක්සත් ජාතික පක්ෂය විසිවැනි සංශෝධනයට පක්ෂ බවත්, මෙම සංශෝධනය කඩාකප්පල් කරන්නේ සන්ධානයේ එක් පාර්ශ්වයක් බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා "අද" ට පැවසීය. සාධාරණ පදනමක් මත විසිවැනි සංශෝධනය සම්මත කරගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බවත්, මේ වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ කැබිනට් හමුවේදී ඒ පිළිබඳ අවසන් තීරණයට පැමිණෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.