20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරනවා
පාර්ලිමේන්තු විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බල වේගය මුලුමනින්ම විරුද්ධයි. ඊට සංශෝධන එකතු කිරීමට හෝ සහයෝගය දීමට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ.මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආවාම එය පරද්දන්න අපේ උපරිම බලය යොදවනවා යයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් ,පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පවසයි.
අද (19 )සීනිගම පැවති ජන හමුවකදි මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් කතා කළ අත්තනායක මහතා ,
මේ ආණ්ඩුව සිය බලය යොදන්නේ තමන් ආරක්ෂා වෙන්නයි. ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට නෙමෙයි. ජනතාවගේ ප්රජාතන්ත්රවාදි අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවක වගකීමක්.
ඒක අමතක කරන මේ ආණ්ඩුව කරන්න වැඩ රැසක් තියාගෙන තමන්ගේ බලය වැඩි කර ගැනීමට විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න හදනවා. මේ සංශෝධනය මුලුමනින්ම ජනතාවට හානිකරයි. ජනතාවගේ ප්රජාතන්ත්රවාදයට එයින් වදින්නේ විශාල මරු පහරක්. ඒ නිසා සමගි ජන බලවේගය විදිහට අපි මේ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට මුලුමනින්ම විරුද්ධයි.ජනතාවගේ ප්රජාතන්ත්රවාදි අයිතීන් නැතිකර දැමීමට අපි කාටවත් සහයෝගය දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් කාටවත් මුක්කු ගහන්න යන්නෙත් නැහැ.

popular news
-
sepala karunathilaka Saturday, 19 September 2020 06:22 PM
me horathsan horada dan inna vipaksha nayakaya.ko puthano?piyano gahanawada?nidhanayak soyanawa da?
Reply : 0 0
Nandana Saturday, 19 September 2020 10:21 PM
Pinum gahana hawo ekka mona kathada,balty thissa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

