ජුනි 01 දා සිට ගුවන්තොටුපල විවෘත කළත්, වියට්නාමයේ සිට පැමිනෙණ අය,දින 14 ක් තුල වියට්නාමය තුල සංචාරයේ නිරත වූවන් හා වියට්නාමය සමග ගුවන් ගමන් හුවමාරු වූ පුද්ගලයන්ට තාවකාලිකව මෙරටට ඇතුලු වීමට අවසර නොලැබෙන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.
වියට්නාමය තුල මේ දිනවල කොවිඩ් වසංගතයේ නව දෙමුහුන් ප්‍රභේදයක් පැතිර යන බැවින් මෙම තීරණයට එළඹි බව චානක මහතා වැඩිදුරටත් සදහන් කරයි.
මේ අතර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කිරීමට මීට පෙර ගත් තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි.