19 වැනි ව්‍යවස්ථාවෙන් බල කේන්ද්‍රස්ථාන තුනක් බිහිවී ඇති බවත් එය විකෘතියක් බවත් හිපටු ජනපති, විපක්ෂනායක මහින්ද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ජා ඇළ පැවැති ආගමික වැඩසටහනකින අනතුරුව ජනතාව අමතමින් ඔහු මේ බව ඊයේ (01දා) ප්‍රකාශ කළේය.
“ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ට වග කියන්නේ කවුද? අවුරුදු 30ක යුද්ධයක් අවසන් කරලා මිනිස්සුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ වාසනාව ලබාදෙන්න අපිට හැකිවුණා. අවුරුදු 10ක් ඒ වාසනාව තියාගන්න බැරිවුණා.
ජාතික ආරක්ෂාව නැතිව ඉදිරියට යන්න පුළුවන්කමක් නෑ. 19 වැනි ව්‍යවස්ථාව තුළින් ඇතිවෙලා තිබෙන දේශපාලන විකෘතිය, බල කේන්ද්‍රස්ථාන තුනක් අද තිබෙනවා.
ජනපතිවරයත් අගමැතිවරයත් නිදහස් ස්වාධීනව වැඩකරගෙන යනවා. කථානායකතුමත් නිදහසක් සොයාගෙන යනවා කේන්ද්‍රස්ථාන තුනක බල අරගලයක ජනතාව පැටලිලා දුක්විදනවා වේදනා විදිනවා කිසි දෙයක් කර ගන්න බැරිව.”