19 වැනි ව්‍යවස්ථා සංයේධනයේ විධායක ජනපතිධුරය පිළිබඳ වූ වගන්තිය සම්මත කරගැනිම සඳහා සියලුම දේශපාලන පක්ෂ වල සහාය දෙන්නැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කීවේය.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් විධායක ජනපතිධුරය ප්රජාතන්ත්රකරණය විමක් 19වැනි සංශෝධනයෙන් සිදුව තිබෙන බවත්, ඒ සඳහා අධිකරණය දුන් තීන්දුවටද ගරු කරන බවයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව විධායක ජනපතිවරයා රටේ නායකයා, සේනාධිනායකයා හා ආණ්ඩුවේ ප්‍රධානියා වෙයි. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ අග්‍රාමාත්‍යවරයායි.