1983 කළු ජූලි ඛේදවාචකය සහ එහි බලපෑම් පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර, ජාතික සහජීවනය තහවුරු කිරීම හා පීඩාවට පත් පිරිස් වෙත සහන සැලසීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බවට වූ යෝජනාව සම්මත කර තිබේ.
ඒ අනුව, අදාළ සිදුවීමේ පසුබිම සහ එහි බලපෑම් අධ්‍යයනය කර සකස් කරන යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාවට පැවරෙන ප්‍රධාන වගකීම වනු ඇති.
කථානායකවරයා විසින් කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජික මන්ත්‍රීවරුන් නම් කළ යුතු අතර, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 අනුව එහි සාමාජික සංඛ්‍යාව 12කට සීමා කර තිබේ.
කාරක සභාවේ පළමු රැස්වීම පැවැත්වෙන දිනයේ සිට මාස හයක් ඇතුළත අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, අවශ්‍ය වුවහොත් එම කාලය පාර්ලිමේන්තුවට දීර්ඝ කළ හැකි බවද යෝජනාවේ සඳහන්.