1976 මුල්ගල තැබූ වාරි ව්‍යාපෘතියට 2014 දී ආරම්භයක්
1976 ජූලි මස තරම් ඈත කාලයේදී මුල්ගල තැබූ වාරි ව්‍යාපෘතියක් මේ දක්වා ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත්, එයමේ වසරේදී ආරම්භ කරන බවත් ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පි‘ළිතුරු ලෙස වාරි මාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මහමඩගල්ලවැව මෙකී වාරි ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිතය. කෙසේ නමුදු පවුල් 250 ක් මීට අදාළ ඉඩම්වල ස්ථිර නිවාස තනා පදිංචි වී සිටි බැවින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපහසු වූ බව අමාත්‍යවරයා පවසා සිටියේය.
වයඹ පළාතට මහවැලි ජලය සැපයීමේ සමස්ත වැඩපිළිවෙළ යටතේ මෙම ප්‍රදේශය ආවරණය වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
