19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (27දා) පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතය.
මෙකී පනත තුළින් ස්වාධීන කොමිසන් සභා යළි ස්ථාපිත කිරීම, වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීම ඇතුළු කරුණු රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතය.
මෙය පසුගිය මස 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව ඊට විරුද්ධව පෙත්සම් රැසක් ඉදිරිපත් විය.
ඒ සඳහා රජය මගින් නව සංශෝධන රැසක් ගෙන එනු ලැබූ අතර පනත අද (27දා) සහ හෙට (28දා) දිනවලදී විවාදයට ගැනීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම විවාදය ආරම්භ කරනු ලබන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත.
තම සහාය හිමිවනුයේ අදාළ යෝජනා රජය මගින් පිළිගනු ලැබුවහොත් පමණක් බවත්, එම පක්ෂය අවධාරණය කරයි.
එසේම දෙමළ ජාතික සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ ඊට සහාය දැක්වීමට තීරණය කර ඇත.