පළාත් සභා මැතිවරණය කල්දමා ගැනීමේ අරමුණින් ගෙන ඒමට සැලසුම් කරන 20 වන ව්‍යවස්ථා සංශෝධනය ප්රජාතන්ත්රවාදයට අහිතකර බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
18 වන ව්‍යවස්ථා සංශෝධනය රටට අහිතකර නිසා වර්තමාන ආණ්ඩුව එය පරාජයට පත් කළ බවත්, එහෙත් වර්තමාන ආණ්ඩුව ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඊටත් වඩා රටට අහිතකර ලෙස බලපාන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මෙම සංශෝධනය හරහා පළාත් සභා මැතිවරණය 2019 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කල්දමා ගැනීමට හැකියාව ලැබන බවද අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.