පසුගිය වසර තුළ උපාධිධාරීන් දස දහසකට රැකියා ලබාදී තිබෙන බවත්, මේ අනුව මෙරට පුරවැසියන් 16 දෙනෙකුට එක් රාජ්‍ය සේවකයෙකු බැගින් සිටින බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම තත්ත්වය කලාපීය රටවල් සමග සැසඳීමේදී ඉහළ අගයක් බවත්, ඒ හරහා ආර්ථිකයට දරාගත නොහැකි අසමතුලිත සංධිස්ථානයකට පැමිණ තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.
බදු මුදලින් නිර්මාණය වන උපාධිධාරියා, රාජ්‍ය සේවයට පමණක් ඇතුළත් කිරීමට පටු දේශපාලන අරමුණ සහිත සංගම් උත්සාහ ගන්නා බවත්, එහෙත් ඉදිරියේදී රටේ ආර්ථිකයට උපාධිධාරියා එක්කර ගැනීම සඳහා කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
මේ අනුව ඉදිරියේදී රට තුළ ඇතිවන ආයෝජන හරහා නිර්මාණය වන රැකියා සඳහා උපාධිධාරීන් බඳවා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.