දැඩි පරිසර විනාශයක් සිදු කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවන අනවසර පතල් කැණීම් වැටලීමට පොලිස්පතිවරයා යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබා දුන්නේය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ කොළඹ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී මෙම උපදෙස් ලබා දුන්නේය.
සාගරය හා සම්බන්ධ සියලු සම්පත්වල අයිතිය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මකවීමට බලය හිමි ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.
දිවයින පුරා සිදුකෙරෙන අනවසර පතල් කැණීම් සඳහා තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන අතර එම කටයුතු වඩා ක්‍රමවත්ව කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව කරගෙන යාම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහාය ප්‍රමාදයකින් තොරව ලබාදිමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට පෙන්වා දුන්නේ ය.