මේ මස 14 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකළ නොහැකි හෙයින් 15 වැනිදා පෙරවරු 8.00 ට පෙර ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවන ලද කාර්යාලවල ප්රචාරක පුවරුද ඉවත් කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
එහෙත් මැතිවරණ කොට්ඨාසයට එකක් වනසේ අපේක්ෂකයෙකුට පිහිටුවිය හැකි කාර්යාලයේ හා අපේක්ෂකයාගේ නිවස තුළ 16, 17 සහ 18 යන දින තුනේදී එම අපේක්ෂකයාගේ, පක්ෂ නායකයාගේ සහ පක්ෂයේ ප්රචාරක පුවරු ප්‍රදර්ශනය කළ හැකි බවද එම කාර්යාලය සඳහන් කරයි.
අතිරේක ඡන්ද ප්‍ර‘දේශ කාර්යාලවල ඇති පුවරු 15 වැනිදා පෙරවරු 8.00 ට පෙර ඉවත් කිරීමට අමතරව, එදින මධ්‍යහ්න 12.00 ට පෙර එම කාර්යාලවල කටයුතු අවසන් කළ යුතු බවත්, එදිනම මධ්‍යම රාත්‍රියට පෙර ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවන ලද කාර්යාලවල කටයුතු අවසන් කළ යුතු බවත් මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
නීත්‍යනුකූලව පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇති මැතිවරණ ප්රචාරක කාර්යාලවල හැර අනෙකුත් ස්ථානවල ඉදිකර හෝ සවිකර ඇති සියලුම ප්රචාරක ප්‍රදර්ශන පුවරු ඉවත් කරගැනීමට අදාළ අපේක්ෂකයන්, ඉල්ලුම්කරුවන් හා ස්ථාන හිමිකරුවන් කටයුතු කළ යුතු බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව හිස් ඉඩම්වල, පාළු හෝ වසාදමා ඇති ගොඩනැගිලි හා කඩකාමරවල, ඉදිකෙරෙමින් තිබෙන ගොඩනැගිලිවල, වර්ග අඩි 75 ක වර්ග ප්‍රමාණයක්වත් නොමැති ඉතා කුඩා මඩුවල ඇති ප්රචාරක පුවරු ඉවත් කළ යුතු බවද මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කරයි.
එසේම කාර්යාල පරිශ්‍ර‘යෙන් බැහැරව සහ විදුලි රැහැන්, දුරකථන රැහැන් කණු යනාදියෙහි සවිකර ඇති පක්ෂ, අපේක්ෂක ප්‍රවර්ධන ප්‍රදර්ශන පුවරු ඉවත් කරගැනීම අත්‍යවශ්‍ය බවත්, යම් පක්ෂයකට හෝ කණ්ඩායමකට අයත් කාර්යාලයක එම පක්ෂයේම හෝ කණ්ඩායමේ නොවන තැනැත්තන්ගේ ප්රචාරක පුවරු සවිකළ නොහැකි බවත් දේශප්රියමහතා සඳහන් කරයි.
අපේක්ෂක හෝ පක්ෂ කාර්යාල පිහිටුවා ඇත්තේ නිසි අවසරයක් ලබාගෙනද යන්න පරීක්ෂා කිරීමට නිලධාරීන්පැමිණෙන විට අවසර පත්‍රය හෝ එහි පිටපතක් කාර්යාලයේ තිබිය යුතු බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.