14 දා නැවත පාර්ලිමේන්තුව කල් දානවා - ලක්ෂ්මන්
එළැඹෙන 14 දාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොවන බවත් 14 දා පාර්ලිමේන්තුවරැස්වීනේ පසුව එදිනද පාර්ලිමේන්තුව කල් දමන බව සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. 14 පාර්ලිමේන්තුවේදී සිදුවන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පමණක් බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි තීරණ ගන්නා බවත් 14 දායින් පසුව සති දෙකක් ඇතුළත මෙම දේශපාලන අර්බුදය අවසන් වනු ඇති බවත් ඔහු පැවැසීය.
එසේම මේ වන විට විදේශගතව සිටින මන්ත්‍රීවරුන් දිවයිනට පැමිණෙමින් සිටින බවත් ඉරියේදී ලසන්ත අලගියවන්න මහතාට හා වීරකුමාර දිසානායක මහතාට අමාත්‍යධුර ලබාදෙන බවත් ඔහු පැවැසීය.
එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත්කිරීමට ජනපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පවත්වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Champa Wednesday, 07 November 2018 04:16 PM
යාලුවා, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වලලගෙන ඔය යන ගමන වැඩිදුර යන්නේ නැහැ තේරුනාද. මම නම් තඹේකට ගණන් ගන්නේ නැහැ තනි තනි රටවල් කරන බලපෑම. හැබැයි ජාත්‍යන්තරය දිනා ගත්ත කියන මෛත්‍රී තනිකරම දිව්වේ ජාත්‍යන්තරය හසුරුවපු විදිහට. ලංකාව ජාත්‍යන්තර සම්මුති හුඟක් අත්සන් කරල තියෙනව. ලංකාව හුඟක් ජාත්‍යන්තර සංවිධාන වල founding member රටක්. ඉතුරු ටික මම කියන්නේ නැහැ. කිසි රටක් තාම මහින්දව පිලි අරන් නැහැ අගමැති විදිහට ඒ මොකොද කිව්වා නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවේ නැති නිසා. මෝඩ මෛත්‍රී දන්නේ නැහැ රටකට මොන විදිහේ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවද කියලා. තමුසෙලා ඔය නැති කරන්නේ මහින්දයි මගේ රටයි. එක මිනිහෙක්ගේ ආත්මාර්ථකාමී කමට රටක් වටින නායකයෙක්ව හෑල්ලු කළා. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය දීර්ඝ කාලයක් රැක ගත්ත රටක අභිමානය නැති කළා. රටේ තියෙන ප්රජාතන්ත්රවාදයයි පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයි කියන්නේ දෙකක්. මුළු ලංකාවටම කළු පැල්ලමක් එකතු කළා. වෙන්න පුළුවන් දේවල් ගැන මම කියන්න යන්නේ නැහැ. යන්නකෝ ඔහොම.
Reply : 0 0
Kumar Thursday, 08 November 2018 10:11 PM
පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව මොනමදෙයක් අනුමතකරගන්නේ කෙසේද යන්න අපට පැහැදිලිකරලා දෙන්නකො.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

