දින 07ක් පුරා පැවැති විදුලි සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (20දා) කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කිරීමට තීරණය වූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
සේවක ඉල්ලීම් අනුව 13%ක හා 10%ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව හෙට(21දා) සිට සේවයට වාර්තා කරන ලෙස අමාත්‍යවරයා සියලු සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.