13 දා ගම්පහ පාසල් 14ක් වැසෙයි
පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනෙන අවසන් දිනය වන 13 වැනිදා ගම්පහ ප්‍රදේශයේ පාසල් 14 ක් වසා තැබීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
ගම්පහ කොට්ඨාශ අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය මගින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව බස්නාහිර පළාත් වැඩ බලන අධ්‍යාපන අධ්යක්ෂ නිමල් ගුණරත්න මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ නාම යෝජනා අවසන් දිනයේදී ගම්පහ නගරය ඇතුලු පෙදෙස්වල ඇතිවිය හැකි වාහන තදබදය නිසා පාසල් සිසුන් අසීරුතාවයට ලක්වීම වැලැක්වීම සදහාය.
නාම යෝජනා බාරදීමට එන අපේක්ෂකයන් මෙන්ම ඔවුන්ගේ ආධාරකරුවන් විශාල වශයෙන් එක්රොක්වීමට ඉඩඇති බවට විශ්වාස කෙරේ.
ගම්පහ බණ්ඩාරනායක මහ විදුහල, රත්නාවලී බාලිකා විදුහල, යශෝධරා බාලිකා විදුහල, තක්ෂිලා විදුහල, බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහල, කැප්පෙටිපොල මහ විදුහල, සිද්ධාර්ථ කුමාර විදුහල, ගෝතමී කනිටු විදුහල, ගජබා කනිටු විදුහල, ශ්‍රී බෝධි ප්‍රාථමික විදුහල, සිරි කුරුස විදුහල, සුමේධ විදුහල, යක්කල අනුර මැදි විදුහල හා යක්කල චන්ද්‍රජෝති මහ විදුහල මෙසේ වසා තිබීමට නියමිත පාසල් ය.
මීරිගම කාන්ති
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

