හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සාමාජිකයන් 500 ක් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නඩත්තුව සඳහා රජය විසින් කොපමණ වියදමක් දරනවාදැයි යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවි කරුණනායක මහතාට පවසා තිබේ.
එම වාර්තාව පසුගිය බදාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කර තිබෙන අතර, ඒ අනුව පැවැති සාකච්ඡාවකින් පසු ජනපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුත්තේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබාදෙන ආරක්ෂාව හා වාහනවලට සමාන ප්‍රමාණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ. ඊට වඩා ආරක්ෂාවක් අවශ්‍ය නම් එය ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ මත ලබාදිය යුතු බවද ජනපතිවරයාගේ අදහස වී තිබේ.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි