බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය කළ කිලෝ 2296ක් පැටවූ විශාල කසළ තේ ලොරියක් අත්අඩංගුවට ගැනීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරු පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (05) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු හෙම්මාතගම සහ වෙලම්බඩ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25,29,41 වියේ පසුවන අය වෙති.
මෙම කසල තේ තොගය නුවර ප්‍රදේශයට ගෙන ගොස් එහිදී රසකාරක යොදා වෙළඳපොළට යැවීමට සැලසුම් කරගෙන තිබූ බවට තොරතුරු අනාවරණයවීඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරු පොලිසියේ ස්ථානාධිපති පො.ප. දුමින්ද කුමාර, පො.සැ. 32422 සතරසිංහ, පො.කො. 35196 කුමාර , පො.කො. 89227 ශානක,පො.කො. 15059 පතිරණ යන මහත්වරු විසින් මෙම වැටලීම සිදුකළහ.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් සහ කසළ තේ ලොරිය බද්දේගම පොලිසියට බාරදී තිබේ.
හරියටම මීට අවුරුද්දකට (2014.11.06) ඉහතදීද මෙවැනිම කසල තේ ලොරියක් මෙම ස්ථානයේදීම අත්අඩංගුවට ගන්නා ලදී.
(හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල් )