පොලිස් ක්ෂණික ඇමතුම් අංකය වන 119 අංකයේ හදිසි අලුත්වැඩියාවක් එළැඹෙන 09දා සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. උදෑසන 4 සිට උදෑසන 6 දක්වා පැය දෙකක කාලයක් මෙම අලුත්වැඩියා කිරිමට නියමිතය.
දුරකතන ජාලයේ වරින් වර ඇතිවන දෝෂ සහිත තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා මෙම අලුත්වැඩියා කිරිම සිදුකරන බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.