ඇල්පිටිය තලාව පාර, නානායක්කාර මාවත ප්‍ර දේශයේ පිහිටි තේ ඉඩමකදි, තිබි ගෙල කපා ඝාතනය කරන ලද තරුණියකගේ මළසිරුරක් ඊයේ (9දා) සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
උස්බෙකිස්තාන ජාතික පෙම්වතිය සමග යතුරුපැදියෙන් යමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී ත්‍රී රෝද රථයක ගැටීමෙන් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි
Read Moreඇල්ල රාවණා ඇල්ල අභය භූමියේ ඊයේ රාත්‍රී (09) හටගත් විශාල ගින්නක් වන ඡීවී අංශවල මූලිකත්වයෙන් සිදු කළ මෙහෙයුමකින් අද (10) අලුයම වන විට නිවා දැමීමට හැකි වූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
Read Moreමෙම තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක්ද සමගින් ලකුණු 20ට කඩුලු පහක් දවා ගැනීමට සමත්විය. ඒ අනුව ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.
Read Moreශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාසෙලෝ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (08දා) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.
Read Moreඅනුරාධපුර - රඹෑව ප්‍රධාන මාර්ගයේ රඹෑව නගරාසන්නයේදී අද අළුයම 1.30ට පමණ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව ඇතැයි මහින්තලේ පොලිසිය පවසයි. අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් තිදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreකැනඩාවේ පදිංචිය සඳහා මෑතකදී සංක්‍රමණය වූ ලාංකික පවුලක සාමාජිකයන් 6 දෙනෙක ඝාතනය කර ඇතැයි කැනඩා පොලීසිය තහවුරු කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
Read Moreදුම්රිය දෙපාර්තුමේන්තුව සතු ඉඩම් වල දුම්රිය සේවකයින් සහ වෙනත් පුද්ගලයින් ඉදි කිරිම් සිදු කර ඇති බවත්, එම ඉඩම් වල පදිංචිකරුවන්ට දිර්ඝ කාලින බදු පදනමක් මත එම ඉඩම් වල තවදුරටත් රැදි සිටිමට අවසර ලබාදෙන ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශයේ නාවිකයන් දහහත් දෙනෙකු සඳහා කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර විසිර යාම හා ලාංඡන පැළඳවීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ කිමිදුම් පාසලේදී සිදු කෙරිණි.
Read More2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුල නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගයේ වන්දනාකරුවන් විසින් බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් තුනක් පමණ එක්රැස් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ලේකම් එස්.රාජවීරන් මහතා පැවසිය.
Read Moreකථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොකළ බවට පැතිර යන කතාව ස්.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න තරයේ ප්‍රතික්ෂේප කරයි.
Read Moreජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා කටයුතු කරන Women In Need (WIN) සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 08 දා පිටකොටුව බෝ ගහ අසලදී පැවැත්විණි.
Read Moreමාදම්පේ පොලිස් වසමේ පම්බල ප‍්‍රදේශයේදී හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රවය ඒකකයේ නිලධාරින් ඛණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව පසුගිය 06 වැනිදා මත්ද්‍රව්‍ය වැටලිමක් සිදු කර ඇති අතර, එහිදි සැක කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට යාපම්දී පලා ගොස් ඇත.
Read Moreපුත්තලම පාලවිය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙ ආරම්භයෙ සිට වැඩ වාසය කල හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂිකව දායක සභාවේ පිරිසක් විසින් පහර දීමේන් බරපතල තුවාල හා අස්ථි බිදිමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
Read Moreවිදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් කැබිනට් අනුමැතියෙන් පසු ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක සහ රංගන ශිලිපිනියකවූ රම්‍යා වනිගසේකර මහත්මිය අද (08) උදෑසන අභාවප්්‍රාප්ත වී තිබෙනවා.
Read Moreදිවයිනේ ප්‍රථම වතාවට හිලෑ අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා අභිජනන මධ්‍යස්ථානයක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් 07 දින විවෘත කිරීමට හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් පියවර ගනු ලැබීය.
Read Moreඅද (08) දිනයේදි දිනයේදි සමහර නගරවලවල වායු දූෂණ තත්වය තරමක් වැඩි විය හැකි යැයි බලාපොරොත්තු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) නව සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන සාමාජික මන්ත්‍රීරවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඒකමතිකව පත් කරගන්නා ලදි. ඒ නවවැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (07) පැවති අවස්ථවේදීය.
Read Moreයුද්ධ හමුදා බුද්ධි අංශය මගින් ලබාදුන් බුද්ධි තොරතුරක් මත හලාවත කොට්ඨාස අපරාධ විමර්ෂණඅංශයේ නිලධාරීන් විසින් අබකදවිල පාර, හලාවතයන ප්‍රදේශයේ පිහිටි තානායම අසල වෙරල තිරයේදි සිදුකල වැටලීමක් අතරතුර රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අලෙවි කිරීම සදහා සැලසුම් කර තිබූ ගජමුතු දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇත.
Read Moreකොළඹ තරුපයේ හෝටලයකදී තම කුළුපග ව්‍යාපාරික මිතුරාට නින්ද ගිය අතරවාරයේදී මිතුරාගේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් රැගෙන අනෙක් මිතුරා පලා ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.
Read Moreවැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් නීතිය පිළිබඳ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය සහ සමගි ජන බලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂණ පාදුක්ක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (07) ගොනු කළහ.
Read Moreවෛද්‍ය පුතු විදේශ ගතවීමෙන් අනතුරුව ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානය ඒ අයුරින්ම පවත්වාගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර ලබා දුන් 66 හැවිරිදි පුද්ගලයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට ආරම්භවීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ප්‍රකාශ කළේය.
Read Moreගල්නෑව නගරයේ ප්‍රධාන පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් විසඳීමට ගිය ක්‍රීඩා ගුරුවරයෙකුගේ පහර කෑ බව කියන සිසුවෙකු, රෝහල්ගත කර ඇති බවත්, එම සිසුවාගේ සහෝදරයාගේ පහර කෑමට ලක් වූ එම පාසලේ ගුරුවරුන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ගල්නෑව පොලිසිය පවසයි.
Read Moreඅවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු, පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද සහතික විය. බැංකු අංශයේ තිබෙන බේරුම්කරණ කමිටුව ක්‍රියාත්මක තත්වයට පත්කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
Read More’’සුභාවිත සංගීත කලාවක හෙට දවස” වෙනුවෙන් විශිෂ්ටතම නිර්මාණ සහ ශිල්පීන් ඇගයීම හා දිරිගැන්වීම ප්‍රධාන අරමුණ කරගෙන පවත්වනු ලබන ’රාජ්‍ය සංගීත සම්මාන උලෙළ’ කොළඹ, නෙළුම් පොකුණ එළිමහන් රංග පීඨයේ දී ඊයේ (06) පැවැත්විණි.
Read Moreරැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක් කටා නමැත්තාට පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read More