saravita-anim2

2025 ජුනි මස 24 වන අඟහරුවාදා

2025 ජුනි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 2067 hours ago

LATEST

මිතුරාගේ රු. මිලියන 5කට විද්ද මිතුරා

calendar_today 2024 මාර් 07 - 20:09 remove_red_eye - 644  

කොළඹ තරුපයේ හෝටලයකදී තම කුළුපග ව්‍යාපාරික මිතුරාට නින්ද ගිය අතරවාරයේදී මිතුරාගේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් රැගෙන අනෙක් මිතුරා පලා ගොස් ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් නීතිය පිළිබඳ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය සහ සමගි ජන බලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂණ පාදුක්ක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (07) ගොනු කළහ.

Read More

වෛද්‍ය පුතු විදේශ ගතවීමෙන් අනතුරුව ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානය ඒ අයුරින්ම පවත්වාගෙන යමින් රෝගීන්ට ප්‍රතිකාර ලබා දුන් 66 හැවිරිදි පුද්ගලයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට ආරම්භවීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ප්‍රකාශ කළේය.

Read More

ගල්නෑව නගරයේ ප්‍රධාන පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් විසඳීමට ගිය ක්‍රීඩා ගුරුවරයෙකුගේ පහර කෑ බව කියන සිසුවෙකු, රෝහල්ගත කර ඇති බවත්, එම සිසුවාගේ සහෝදරයාගේ පහර කෑමට ලක් වූ එම පාසලේ ගුරුවරුන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ගල්නෑව පොලිසිය පවසයි.

Read More

අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු, පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද සහතික විය. බැංකු අංශයේ තිබෙන බේරුම්කරණ කමිටුව ක්‍රියාත්මක තත්වයට පත්කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

Read More

’’සුභාවිත සංගීත කලාවක හෙට දවස” වෙනුවෙන් විශිෂ්ටතම නිර්මාණ සහ ශිල්පීන් ඇගයීම හා දිරිගැන්වීම ප්‍රධාන අරමුණ කරගෙන පවත්වනු ලබන ’රාජ්‍ය සංගීත සම්මාන උලෙළ’ කොළඹ, නෙළුම් පොකුණ එළිමහන් රංග පීඨයේ දී ඊයේ (06) පැවැත්විණි.

Read More

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක් කටා නමැත්තාට පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත. සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් ඔහු එම තනතුරට පත්ව තිබේ.

Read More

පොලිස් නිළධාරීන් කණ්ඩායම සැකකරුවන් හඹායාමේදී එක් සැකකරුවකු අතුරු මාර්ගයකදී බිම ඇද වැටී නැගිට නැවත බිම ඇද වැටී ඇතිවු අසනීප තත්වයක් හේතුවෙන් විමරෂණ කණ්ඩායම විසින් ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කර ඇත.

Read More

කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Read More

මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 06 වනදා විද්‍යාලයේ පැවති උත්සවයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී දරුවන්ට ලබා දුන් පොරොන්දුව අනුව විද්‍යාලයේ අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (06) දා සිදු විය.

Read More

ඉතා ඉහළ වත්කම් සහිත් පුද්ගලයන්ගේ බදු අනුකූලතාවනය පිළිබඳව ඉදිරියේදි වඩා සමීප ලෙස අවධානය යොමු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එන්ජින් ධාරිතාව 450 සීසී කාණ්ඩයට වැඩි යතුරුපැදි නීත්‍යනුකූල ලියාපදිංචියට අවසර දීමට රජයේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වනවා.

Read More

පුද්ගලික බස් රථයක රියදුරුට හටගත් හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ එම බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය අනතුරකට ලක්ව ඇත.

Read More

උඩප්පුව පොලිස්ථානයේ අපරාධ විමරෂණ අංශයේ ස්ථානාධිපති වරයාගේ රාජකාරි තාවකාලිකව අද 07 දින සිට තහනම් කිරීමට කටයුතු කර ඇතිබව පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පවසයි. මෙසේ රාජකාරිය තාවකාලික තහනමකට ලක්ව ඇත්තේ උඩප්පුව පොලිස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති චාමර කුමාර රාජපක්ෂ යන අය බව මුන්දලම පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු කටයුු සහ ක්‍රියා පටිපාටි පිළිබඳ පැවැත්වූ ‌ෙකටි කාලීන පාඨමාලාව සාර්ථකව නිමාකළ ශ්‍රී ලංකා රජරට විශ්ව විදයාලයේ විද්‍යෘර්ථයින් සදහා පැවති සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේදී පැවැත්විනි.

Read More

මහරගම පමුණුව ප්‍රදේශයට රෙදිපිළි මිලදී ගැනීම සඳහා දෛනිකව පැමිණෙන ජනතාවගේ හස්ත සංඥා අනුව පලාඵල කීමට පුරුදුව සිටි ජෝතිර්වේදියෙකු ඊයේ (06) දා මහරගම දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි.

Read More

රටවල් හයක තානාපතිවරුන් හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ පවත්වා තිබේ.

Read More

මට්ටක්කුලිය පොකුණ වත්ත හන්දිය අසලදී දෙපාර්ශවයක් අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි.

Read More

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානි ( Anant Ambani ) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන, රැගෙන ගොස් තිබූ අතර ඔවුන් 03/07 දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

Read More

අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගම්මාන 86ක් තෝරාගෙන ඇති අතර,ඒවායෙහි තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට තීරණය කර තිබේ.

Read More

බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියලු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක නමැත්තා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ පැය 04ක කාලයක රහස් පාපෝච්චාරණයක් අද (06දා) කළේය.

Read More

හුංගම කහඳමෝදර ප්‍රදේශයේදී අද (06දා) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.

Read More

එක් එක් ආයතන නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා වෘත්තීය සමිති සමග සාමුහික ගිවිසුම් ඇතිකර ගන්නා බවත්, එහෙත් එහිදී එක් එක් ආයතන අනුගමනය කරන සූත්‍ර වෙනස් බවත්, මහා බැංකුවේ සේවකයන් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සකසන වාර්තාවේදී ඒ ගැන අවධානය යොමුකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාට අයත් දෙවිනුවර, 103 කණුව ඉදිරිපිට පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් විසින් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා.

Read More

සිද්ධිය වූ දිනයේ නාවලපිටිය රෝහලේ තිබුණු සායනික පුහුණුව හමාර කොට ගල්පොත්ත නමැති ස්ථානයේ නාන්න යමු කියල අප දොළොස් දෙනකු පමණ පිරිසක් කතා වී එහි ගියා .

Read More

නාවලපිටිය කාර්යභාර නිලධාරී පරීක්‍ෂකවරයා කලහාකාරී සිදුවීමේදී නියමිත රාජකාරි නිසියාකාරව නොකිරීමේ චෝදනාවට සහ එම දුම්රියේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ සේවය ද මෙසේ අත්හිටුවූ බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

Read More

වෙළඳ සැලකට ගොස් යළි එමින් සිටියදී හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මහමග ඇදවැටි ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.