saravita-anim2

2025 ජුනි මස 24 වන අඟහරුවාදා

2025 ජුනි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 2072 hours ago

LATEST

අන්තරේට බොරැල්ලෙදී ජල ප්‍රහාරයක් කැඳවුම්කරු අත්ඩංගුවට

calendar_today 2024 මාර් 06 - 16:38 remove_red_eye - 285  

මේ අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මගීන් 182ක් සහ කාර්ය මණ්ඩලයේ 9දෙනා මරණයට පත්කල සප්ත කන්‍යා ගුවන් අනතුරට අදට වසර 50ක් සපිරෙයි.

Read More

මල නොතලා රොන් ගන්නා ආකාරයෙන් ජනතාවගෙන් බදු අය කරගත යුතුය යන්න සමාන්‍ය කියමනක් තිබෙන බවත්, එහෙත් මල් තලමින් රොන් ගන්න අවස්ථාවනුත් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

හික්කඩුව පන්නම්ගොඩ මුහුදු තීරයෙන් දිය නෑමට ගොස් සිටියදී හදිසියේ ආ දියවැලකට හසුව මුහුදේ දියඹටම ගසා ගෙන යමින් ජීවිතයත් මරණයත් අතර සිටි රුසියානු ජාතික කාන්තාවන් දෙදෙනකු සිය දිවි පරදුවට තබා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් හා වෙරළාරක්ෂක ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් නිරූපද්‍රිතව අද (6) බේරාගෙන තිබේ.

Read More

අද වනවිට ලෝකයේ පවතින බොහෝ වෘත්තීන් ඉදිරි වසර කිහිපය තුළ දැකිය නොහැකිවන බවත්, ගෝලීය ආර්ථික අවශ්‍යතා අනුව වෙනස්වන නවීන වෘත්තීය අවස්ථා වෙත දරුවන් යොමු කළ යුත්තේ නිවැරදි වෘත්තීය මගපෙන්වීම් ලබාදෙමින් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

නිවාස ණයකරුවන් ගෙවන වාරික මුදල් වලින් රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදලක් වංචා කල බවට සැකපිට කළුතර නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකර ගැනීමේ නිළධාරිනියක අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

දිවයිනේ ප්‍රාථමික පාසල්වල 1_5 ශ්‍රේණිවල සිසුන්ට දැනට ක්‍රියාත්මක කරන දිවා ආහාර වේල සඳහා රුපියල්25 මුදලක් වැඩි කිරීමට ඊයේ(5) දා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

කලවාන මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) වනදා මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය .

Read More

මෙම තත්වය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑමක් ඇති විය හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. රටේම වායු දූෂණය දර්ශකයේ 50 සීමාව ඉක්මවා තිබීම සංවේදී පුද්ගලයින්ට බලපෑමක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි බැවින් මේ පිළිබඳව ජනතාව අවධානය පසුවන්නැයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත්, එමෙන්ම තමන්ගේ ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම් ඒ අයත් අක්ෂි පරීක්ෂා කර ගැනීම ද, ඉතාම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කරයි.

Read More

නීති විරෝධී අන්දමින් උපයාගත් රුපියල් කෝටි 150කට අධික මුදලක් යොදවා සුඛෝපභොගී යාන වාහන රන්ආභරණ ඇතුළු දේපළ උපයාගත් බවට චෝදනා කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුවන්, ඔහුගේ පුතාට සහ බිරිඳට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ වෙන වෙනම නඩු තුනක් පැවරීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භයත් සමග පැමිණ තිබෙනවා. මේවනවිට පාර්ලිමෙන්තු රැස්වීම පැවැත්වෙමින් පවතින අතර ඊට සහභාගීවී ඇත.

Read More

’’බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට ආවා බැසිල් රාජපක්ෂ නෙවෙයි ඩ් එ රාජපක්ෂ යළි වලෙන් නැගිටලා ආවත් මේ රටේ යළි බලය රාජපක්ෂවරුන්ට ලබා දීමට ජනතාව සූදානම් නෑ’’

Read More

’’මම සෑම වසරකම මගේ දරුවන් බලන්න ඇමෙරිකාවට යනවා. මම පාර්ලිමේන්තුවට එන්නෙ නැහැ . හැබැයි ඊළඟට පැමිණීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හෝ ජනාධිපතිවරණය යන මැතිවරණ දෙකෙන් කුමන මැතිවරණය තිබ්බත්, මම පොදු ජන පෙරමුණ සංවිධානය කරනවා.

Read More

චීනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහළම බල ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ. ඒ, බෙයිජිං අගනුවර පිහිටි මහ ශාලාවේ දී යි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින රොබින් සහ කෙල්ල යන ව්‍යාඝ්‍ර යුවලට දාව ඉපදුනු පිරිමි ව්‍යාඝු පැටවුන් තිදෙනා වන අකීරා, තියෝ, ඩූමා යන පැටවුන්ගේ දෙවන උපන් දිනය මාර්තු මස 05 වන දිදෙහිවල ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුලු නිලධාරීන් විසින් සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සැමරීම සිදු කරනු ලැබිණි.

Read More

අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබා පුවතක් තිරප්පනය - ඌරාකොටේ ගම්මානයෙන් වාර්තාවේ.

Read More

2023 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයන් 476 දෙනෙකු විවිධ හේතු මත එම රටවලදී මිය ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

මෙවර මහ කන්නයේ වී පසු අස්වනු නාස්තිය 10% සිට 15% දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව එය අවම වශයෙන් වී මෙට්‍රික් ටොන් 350,000කට ආසන්න වන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද Crop Cutting survey මගින් අනාවරණය වී තිබේ.

Read More

දැනට වසාදමා තිබෙන කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි ආරම්භකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පිට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ සැලසුම්කර ඇත.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති චන්දන ලාල් ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවය.

Read More

කඩුවෙල කොරතොට ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් ඉදිරිපිට පුද්ගලයකු පැමිණි අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

Read More

ගැබිනි මව්වරුන්ට හා අඩු ආදායම්ලාභී කිරි දෙන මව්වරුන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයෙන් ලබාදෙන පෝෂණ මල්ල සදහා භාණ්ඩ ලබා ගැනීමට නුවරඑළිය සතොස ශාඛාවට යන මව්වරුන්ට භාවිතයට නොසුදුසු රුපියල් පන්සියයක් වටිනා බිස්කට් පැකට් අනිවාර්යෙන් මිලදී ගත යුතු බව පවසා බලහත්කාරයෙන් බිලට එකතු කරන බව භාණ්ඩ මිල දි ගැනිමට පැමිණෙන ගැබිනි මව්වරුන් චෝදනා කර සිටිති.

Read More

අද (05) රැස්වීමට නියමිත පාර්ලිමේන්තුව 07වැනිදා දක්වා දින 3ක් රැස්වීමට සැලසුම් කොට තිබෙනවා. එහිදී අද විශේෂ සිදුවීම් දෙකක් සිදුවන බව වාර්ථාවනවා.

Read More
බැසිල් එයි
5 03 2024 09:57:00
0 678

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) උදෑසන 8.15ට පමණ එමිරෙස්ට් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.

Read More

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 60 දෙනකුගේ සහ කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයින් 250 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.පි.යු.එම් රංග මහතා කියයි.

Read More

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 458කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලරුපියල් 9කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 447කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 257කි. කෙසේ වෙතත් 92 පෙට්‍රල් (ලීටරයක් රුපියල් 371) හා ලංකා ඔටෝ ඩීසල් (ලීටරයක් රුපියල් 363යි) යන ඉන්ධන වල මිල ගණන් වෙනස් වී නොමැත.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය

Read More

දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවන්ගෙන් සන්නද්ධ කරවීම අධ්‍යාපනයේ පරමාර්ථ බවත් තරගකාරී පසුබිමක් ගොඩනගා ගනිමින් විභාගවලින් දරුවන් සමත් කරවීම පිණිස පාසල් යැවීම නොකළ යුතු බවත් යෝජිත අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළින් අවධාරණය කරනු ලබන්නේ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සඳහා දරුවා අත්පත් කරගන්නා කුසලතා මැන බැලීම බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.