ශ්‍රි ලංකාවේ පොලීසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොඳින් දන්නවා. පොලීසිය කියන සියලු දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය.
මන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණය සඳහා වූ කාබන් පරික්ෂණයේ වාර්තාව අද (07) මන්නාරම් අධිකරණය මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදි.
Read Moreමේ වසරේ විවාහ වන තරැණ යුවල සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති ’’හෝම් ස්විට් හෝම්’’ ණය මුදල තමාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07 ) දා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreනව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා පත්කර ඇති බව සඳහන් වේ.
Read Moreකොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට අද (07) නියෝගයක් නිකුත් කළේය.
Read Moreඅපරාධකරුවන් පැය 48 ක් දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අනුමැතිය ලබා ගැනිමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
Read Moreරාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙබරවාරි 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අද දින (07) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී හමු වි ඇත.
Read Moreපෞද්ගලික අංශයට හා දේශපාලනඥයන්ට බලපැවැත්වෙන ආකාරයටම අල්ලස් නීති සකස් කිරීමට සැලසුම් කර තිබෙන බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
Read Moreබීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
Read Moreදිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් සමන්විත සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය මඟින් පියවර ගෙන තිබේ.
Read More2019 වසරේ සිට වසර 3ක කාලයක් සඳහා උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්ය වෙනුවෙන් නොර්වේ රජයෙන් නොවේජියානු මුදලින් රුපියල් මිලියන 60ක මුදල් ආධාරයක් ලබා දීමට පියවර ගෙන ඇත.
Read Moreනීතිවිරෝධි ලෙස වනඅලි ළඟ තබා ගැනිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නිරංජන් රෝෂාන් අලීස් නොහොත් අලි රෝෂාන් ඇතුළු සත්දෙනා අද (7) නිදහස් කිරිමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කළේය.
Read Moreමද්‍යසාර සම්බන්ධයෙන් තොරතුරු තිබේනම් ඒ පිළිබඳව දැනුම් දිමට නව දුරකථන අංක තුනක් හදුන්වා දි ඇත.
Read Moreදෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි වැඩ කටයුතු මාර්තු 14 වනදා සිට ආරම්භ කෙරෙන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
Read Moreඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධවී හෙරොයින් පැකට් බෙදාහරිමින් සිටි බව කියන පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 2ක් ඇතුලත් විවිධ ප්‍රමාණයේ පැකට් 4ක් සමඟ බදුල්ල පිංඅරාවේදි බදුල්ල දිස්ත්‍රික් විෂමත්ද්‍රව්‍ය වැටලීම් පොලිස් නිලධාරින් විසින් ඊයේ (6) රාත්‍රී 8.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreසාමදාන විනිශ්චයකාරවරයෙකුගේ ධුරය අත්හිටුවීමට හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට නියෝග නිර්මාණය කළ හැකි ලෙස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ආණ්ඩු පක්ෂය ඊයේ (06දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreයහපාලන ආණ්ඩුවේ වසර තුනහමාරක් පමණ ඌරු මීයන් සිටි බැවින් සැලසුම් කළ වැඩ ඉටුකිරීම අපහසු වූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (06දා) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රීලංකාවේද සම අනුග්‍රහය ඇතිව 2015 ඔක්තෝබර් 01 වැනිදා ඉදිරිපත් වූ 30/1 යෝජනාවලියේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් කාලය ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreබරපතළමූල්‍ය වංචා, දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි අධිකරණයලබන 14 වැනිදා විවෘත කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ‘අද’ පුවත්පතට පැවසුවාය.
Read Moreමෙවර අයවැය ජනතාවාදී අයවැයක් නොවන නිසා එය පිළිනොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 113ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකාව සමත්විය.
Read Moreඑජාපයේ මැති ඇමතිවරු පිරිසක් හා විපක්ෂයේ පිරිසක් කටයුතු කරගෙන යන බව එක්සත් භික්ෂු පෙරමුණ පවසයි.
Read Moreහේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් රචිත ,ද වයිස්රෝයි ස්පෙෂල්, කෘතියේ සිංහල අනුවාදය භාරත තෙන්නකෝන් මහතාගේ නිර්මාණයක් ලෙස එළිදැක්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (06දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
Read Moreමෙතෙක් තහනමට ලක්වූ අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල සටන් කලාවක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී අද ඒකමතිකව අනුමැතිය හිමිවූ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමෙවර අයවැය ලේඛනය විකිණිල්ල සහ ණය මත සකස් වූවක් බවත්, මේ නිසා ඇතිවන ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒමට නොහැකි වන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreවතින කාලගුණ තත්ත්වයට අනුව හෙට (07දා) දිනයේදී උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් උණුසුම් තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreනව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
Read Moreනවකවදය ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ලකර පන්ති තහනම් කර සිටින හා විවිධ හේතු මත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (06දා) විරෝධතාවක නිරත විය.
Read Moreයුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළැයි සැලකෙන කිලෝග්‍රෑම් තුනක් පමණ බරින් යුත් දිරාගිය ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසල පිහිටි කුණු කානුවකින් අද (06)දින ගොඩගත් බව මන්නාරම පොලීසිය පවසයි.
Read More