මෙවර අයවැය ලේඛනය විකිණිල්ල සහ ණය මත සකස් වූවක් බවත්, මේ නිසා ඇතිවන ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒමට නොහැකි වන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා සමස්ත අයවැයටම ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ බවත්, අයවැය ලේඛනයට අනුව ජනාධිපති කාර්යාල වියදම් පමණක් රුපියල් කෝටි එක් දහස් හාරසීයක මුදලක් වන බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
එසේම මෙම අයවැයට එරෙහිව ඡන්දය භාවිතා කරන බව අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
