saravita-anim2

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

Latest News - timelapse 10914 hours ago

LATEST

ලාල්කාන්තට ඇප ලැබේ

calendar_today 2019 මාර් 07 - 15:39 remove_red_eye - 560  

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් සමන්විත සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය මඟින් පියවර ගෙන තිබේ.

Read More

2019 වසරේ සිට වසර 3ක කාලයක් සඳහා උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්ය වෙනුවෙන් නොර්වේ රජයෙන් නොවේජියානු මුදලින් රුපියල් මිලියන 60ක මුදල් ආධාරයක් ලබා දීමට පියවර ගෙන ඇත.

Read More

නීතිවිරෝධි ලෙස වනඅලි ළඟ තබා ගැනිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නිරංජන් රෝෂාන් අලීස් නොහොත් අලි රෝෂාන් ඇතුළු සත්දෙනා අද (7) නිදහස් කිරිමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කළේය.

Read More

මද්‍යසාර සම්බන්ධයෙන් තොරතුරු තිබේනම් ඒ පිළිබඳව දැනුම් දිමට නව දුරකථන අංක තුනක් හදුන්වා දි ඇත.

Read More

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි වැඩ කටයුතු මාර්තු 14 වනදා සිට ආරම්භ කෙරෙන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

Read More

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධවී හෙරොයින් පැකට් බෙදාහරිමින් සිටි බව කියන පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 2ක් ඇතුලත් විවිධ ප්‍රමාණයේ පැකට් 4ක් සමඟ බදුල්ල පිංඅරාවේදි බදුල්ල දිස්ත්‍රික් විෂමත්ද්‍රව්‍ය වැටලීම් පොලිස් නිලධාරින් විසින් ඊයේ (6) රාත්‍රී 8.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

සාමදාන විනිශ්චයකාරවරයෙකුගේ ධුරය අත්හිටුවීමට හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට නියෝග නිර්මාණය කළ හැකි ලෙස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ආණ්ඩු පක්ෂය ඊයේ (06දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

යහපාලන ආණ්ඩුවේ වසර තුනහමාරක් පමණ ඌරු මීයන් සිටි බැවින් සැලසුම් කළ වැඩ ඉටුකිරීම අපහසු වූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (06දා) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රීලංකාවේද සම අනුග්‍රහය ඇතිව 2015 ඔක්තෝබර් 01 වැනිදා ඉදිරිපත් වූ 30/1 යෝජනාවලියේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් කාලය ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

බරපතළමූල්‍ය වංචා, දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි අධිකරණයලබන 14 වැනිදා විවෘත කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ‘අද’ පුවත්පතට පැවසුවාය.

Read More

මෙවර අයවැය ජනතාවාදී අයවැයක් නොවන නිසා එය පිළිනොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 113ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකාව සමත්විය.

Read More

එජාපයේ මැති ඇමතිවරු පිරිසක් හා විපක්ෂයේ පිරිසක් කටයුතු කරගෙන යන බව එක්සත් භික්ෂු පෙරමුණ පවසයි.

Read More

හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් රචිත ,ද වයිස්රෝයි ස්පෙෂල්, කෘතියේ සිංහල අනුවාදය භාරත තෙන්නකෝන් මහතාගේ නිර්මාණයක් ලෙස එළිදැක්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (06දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

Read More

මෙතෙක් තහනමට ලක්වූ අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල සටන් කලාවක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී අද ඒකමතිකව අනුමැතිය හිමිවූ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මෙවර අයවැය ලේඛනය විකිණිල්ල සහ ණය මත සකස් වූවක් බවත්, මේ නිසා ඇතිවන ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒමට නොහැකි වන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

වතින කාලගුණ තත්ත්වයට අනුව හෙට (07දා) දිනයේදී උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් උණුසුම් තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

නවකවදය ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ලකර පන්ති තහනම් කර සිටින හා විවිධ හේතු මත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (06දා) විරෝධතාවක නිරත විය.

Read More

යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළැයි සැලකෙන කිලෝග්‍රෑම් තුනක් පමණ බරින් යුත් දිරාගිය ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසල පිහිටි කුණු කානුවකින් අද (06)දින ගොඩගත් බව මන්නාරම පොලීසිය පවසයි.

Read More

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජතයන් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද (06දා) පැවැත්විණි.

Read More

මේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසිය.

Read More

ජනපතිවරණයට තවත් කාලය ඇති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පැවැසීය.

Read More

ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

යාපනය චෙම්මිණි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග කිහිපයක ආවා කල්ලිය විසින් ආවා රාජ්‍ය යනුවෙන් ලියා ඇති බවට ප්‍රදේශවාසින් පැවසූහ.

Read More

විධායක ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා කිරිම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා , විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයට පැමිණ ඇත.

Read More

ලංකාවේ සංවිධාන අතරින් බලගතුම සංවිධානය බවට ජාතික ධිවර මහා සම්මේලනය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ධිවර ජනතාවට අභිමානයක් සමග වෘත්තීය ගෞරවය ලබා දෙමින් ධිවර යාත්‍රා මුරකරුවන් ලියාපදිංචි කර හැදුනුම්පතක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රට මේ වන විට අනතුරේ ඇති හෙයින් ජනපති, අගමැති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේය.

Read More

උඩවලව ජලාශයේ ජල මට්ටම 99%ක් දක්වා ඉහළගොස් තිබෙන බැවින් එහි වාන් දොරටු ඕනෑම අවස්ථාවක විවෘත කිරීමට සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.