සයින්ද මර්දු පිපිරීමේ වැඩිහිටි සිරුරු ආගමික වතාවත් නැතිව භූමිදානය කරයි
කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් මියගිය 16 දෙනෙකුගේ මෘත ශරීර අද (02දා) භූමිදානය කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අදාළ විමර්ශන හා පශ්චාත් මරණ පරීක්ෂණවලින් පසුව පොලීසිය විසින් අදාළ භූමිදාන කටයුතු සිදුකළ බවත්, ඒ සඳහා ප්‍ර‘දේශයේ ආගමික නායකයන්ගේ හාආගමික සංවිධානවල ඉල්ලීමට ආගමික කටයුතු සිදු නොකර මෙම භූමිදාන කටයුතු කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම පිපිරීම්වලින් මියගිය කුඩා දරුවන් 06 දෙනා ආගමික වතාවත්වලින් පසු භූමිදානය කළ බවද ඒ මහතා පවසා සිටියේය. අනෙකුත් සිරුරු ආගමික කටයුතු වලින් තොරව භූමිදානය කර තිබේ.
දිවයින පුරා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත්, ත්රිවිධහමුදාවට යම්කිසි ස්ථානයක් සෝදිසිකිරීමට, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පූර්ණ බලය තිබෙන බවත්පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
එසේම රට තුළ ආරක්ෂාව තරකර තිබෙන බවත්, ජාතීන් අතර අසමගිය ඇතිවන, ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයට ප්‍රකාශ සිදුකරන පිරිස්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය.

popular news
-
ranasin Thursday, 02 May 2019 06:47 PM
මෙසේ මරාගෙන මැරෙන සිරුරුවලට ඌරු තෙල් ගෑවොත් උන් අපායට යන බව කියවෙනවා එය ඇත්තනම් එහෙම කරමු.
Reply : 0 7
Champa Thursday, 02 May 2019 06:54 PM
කිසි හිතක් පපුවක් නැතුව වටිනා මිනිස් ජීවිත බිලි ගත්ත මස් වැද්දන්ට මොන ආගමික වතාවත්ද? පොලිසියට පණ ඇවිල්ල තියෙන බව පේනවා. නැහැ ඇත්තටම කිව්වොත් පොලිසිය අකර්මන්‍ය කලේ දේශපාලකයෝමයි. ඊළඟට එවුන්ම වැරැද්ද පොලිසිය පිට පටවල අත හොඳ ගත්ත. ඒ වුනාට ජනතාව දන්නවා ඇත්ත කතාව. මිනිස්සු බලන් ඉන්නේ අවස්ථාව එනකම්.
Reply : 0 3
Kumar Friday, 03 May 2019 07:37 AM
ඇමෙරිකාවේ දහස් ගණනක් අහිංසක ජනය ගතනයකළ මිනිමරුවටත් මුහුදේ තැන්පත් කිරීමට පෙර ආගමික වතාවත් කලාලු එවැනි දෙයක් ලංකාවේ මියගිය ත්රස්තවාදීන්ට නොකිරීම ගැන ලජජ්හිතෙන්නේ නැද්ද.
Reply : 31 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

