මද්රාසා ආයතන තහනම් කිරීමට නීති සකසනවා
ශ්‍රී ලංකාව තුළ මද්රාසා ආයතන තහනම් කිරීමට නීති සකස් කරමින් යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීමකදීය.
“මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් මියගියා. මේ වන විට ඊට සම්බන්ධ තවත් පිරිසක් රටේ නීතියට යටත් කර ගෙන තිබෙනවා. තව ඉතිරිව සිටින්නේ ස්වල්ප දෙනෙක් පමණයි. මේ සම්බන්ධ වැඩ කටයුතු අපේ ආරක්ෂක අංශවලට කඩිනමින් නිම කළ හැකි බවට අපට විශ්වාසයක් තිබෙනවා.
දැන් අපි නැවත සාමාන්‍ය ජන ජීවිතයට යා යුතුයි. එසේ නොවුණහොත් එය ත්රස්තවාදයට යටත් වීමක් වෙනවා. මේ නිසා ලබන සිකුරාදා මුස්ලිම් පල්ලිවල ආගමික කටයුතු ආරම්භ කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ වගේම ඉරිදා දිනයේ ක්‍රිස්තියානි දේවස්ථානවල ද පූජා පවත්වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ලබන සතියේ සිට මේ රටේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන ඇමැතිතුමා පියවර ගෙන තිබෙනවා. මේ අනුව ක්‍රමානුකඣලව සාමාන්‍ය ජන ජීවිතය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන බව කිව යුතුයි.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින්, රටේ වැඩ කටයුතු සුපුරුදු පරිදි ඉදිරියට ගෙන යාමට අප මේ වන විට අදාළ අංශ සමග සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ව්‍යාපාර ක්ෂේත්රය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. සංචාරක ක්ෂේත්රයට සිදුවූ හානිය සම්බන්ධව සොයා බැලීමට සහ නැවත එය යථා තත්ත්වයට පත් කර ගැනීමට අප මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සුදුසු වාතාවරණයක් පවතින බවට විදේශ රටවල් ප්‍රකාශ කිරීමෙන් පසු ලබන අගෝස්තු හා සැප්තැම්බර් මාස වන විට සංචාරක ක්ෂේත්රය නැවත යථා තත්ත්වයට පත්වනු ඇති.
අපි ත්රස්තවාදයට අමුත්තෝ නොවෙයි. ත්‍රස්තවාදය විවිධ මුහුණුවරවල් අරගන්නවා. දැන් අපි දේශීය ත්‍රස්තවාදය වෙනුවට ජාත්‍යන්තර අයිඑස්අයිඑස් ත්රස්තවාදයට මුහුණ දී සිටිනවා. මෙය මෙතෙක් පැවැති ත්රස්තවාදයට වඩා වෙනත් මුහුණුවරක් ගෙන තිබෙන බව කිව යුතුයි.
මෙවැනි ක්‍රියා මගින් ආණ්ඩු මාරු කළ හැකි යැයි ඇතැම් පාර්ශ්ව කල්පනා කරනවා. නමුත් ආණ්ඩුවක් මාරු කළ හැක්කේ මෙවැනි ක්‍රියා මගින් නොව මැතිවරණවලින් පමණයි.
අද මේ රටට මාධ්‍යයෙන් ඇති කළ තවත් කෝලාහලයක් අවශ්‍ය නැහැ. අද උද්ගතව තිබෙන මේ තත්ත්වයෙන් අප ඉදිරියට යා යුතුයි. ඒ නිසා මාධ්‍යයෙන් මා ඉල්ලා සිටින්නේ බ්‍රේකින් නිව්ස් පළ කිරීමේ දී වඩාත් කල්පනාකාරීව, සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.
මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා මේ වන විටත් මද්රසා අධ්‍යාපන ආයතන තහනම් කිරීමට අවශ්‍ය නීති සකස් කරමින් සිටිනවා. ඒ වගේම මද්රසා නමින් හැදින්වෙන එම පාසල්වල ඉගැන්වීම සඳහා වීසා නොමැතිව සිටින ගුරුවරුන් මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගනිමින් තිබෙනවා. මේවා අද, ඊයේ ඇති වූවක් නොවෙයි. දිගු කාලයක සිට ඇති වූවක් බව සිහිපත් කළ යුතුයි.
තවුහිද් වැනි සංවිධාන ඇති වූයේ කෙසේද කියා විමසා බැලීමේ දී පුදුමයට පත් වෙනවා. මා ඒ ගැන මෙහිදී වැඩි අවදානයක් යොමු කරන්නේ නැහැ. දැන් අපට තිබෙන්නේ මෙය පාලනය කර මෙවැන්නක් යළි ශ්‍රී ලංකාවේ ඇති නොවීමට අවශ්‍ය පියවර ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය නව නීති සකස් කළ යුතුව තිබෙනවා.”

popular news
-
Champa Thursday, 02 May 2019 07:27 PM
නැහැ මේ අවස්ථාවේ තමයි මිනීමරු ආණ්ඩුව වෙනස් කරන්න ඕනේ. ජනාධිපති අගමැති දෙන්නට අස් වෙයව් කියලා බල කරන්න ඕනේ. හැබැයි එහෙම නොවෙන්නේ ආණ්ඩුව හොඳ හින්ද නෙමෙයි (තොපි) ගියාට පස්සේ රට බාර දෙන්නේ කාටද කියන තැන රික්තයක් තියෙන හින්ද. දැනට. දැනට. අනිත් කතාව breaking news. ජනාධිපතිටයි අගමැතිටයි දෙන්නටම breaking news allergic වෙලා. මොන හේතුවක් හින්දවත් breaking news නවත්තන්න එපා. හමුදාව සහ පොලිසිය කරන සියපු වැටලීම් සිංහලයන් දැන ගන්න ඕනේ. එව්වා ඔක්කොම breaking news. මිනීමරු ආණ්ඩුව අවුරුදු 4ක් තිස්සේ ත්රස්තවාදීන් පෝෂණය කරලා තියෙන අපූරුව මිනිස්සු දැන ගන්න ඕනේ. සිංහලයන් රට ගැන කතා කරන කොට ජාතිවාදීන් අන්තවාදීන් කියලා ලේබල් ගහපු මිනීමරු ආණ්ඩුවට මුස්ලිම් දේශපාලකයන් ජාතිවාදීන් නෙමෙයි. ඔවුන් මුස්ලිම් ළමයින්ගේ තාත්තල.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

