saravita-anim2

2026 මැයි මස 06 වන බදාදා

2026 මැයි මස 06 වන බදාදා

Latest News - timelapse 11116 hours ago

LATEST

ඇඳිරි නීතිය අවසන්

calendar_today 2019 මැයි 16 - 07:20 remove_red_eye - 545  

ගම්පහ දිස්ත්‍රික්කයටත්, වයඹ පළාතටත් පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙ.ව. 6.00ට අවසන් විය. ඒ අනුව එම ප්‍රදේශ තුළ නැවතත් සාමක්‍ය ජන ජීවිතයේ කටයුතු සිදුවෙමින් පවති.

ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත්කර තිබූ කණ්ඩායම ඉවත් කර මංගල සමරවීර අමාත්‍යවරයා විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට යෑමෙන් අමාත්‍යවරුන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වී තිබේ.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට තමන් විරුද්ධ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ආධාර ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ලී ක්වැන්ග් මහතා පැවැසීය.

Read More

නීතිවිරෝධීව ළඟ තබාගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය ළඟම ඇති පොලීසියට භාරදීමට තිබූ කාලය මැයි මස 20 දා තෙක් දීර්ඝ කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් භාවිත කළ ආරක්ෂක නිවාස 17ක් හා පුහුණු කඳවුරු 7ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 85ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට සිදුකළ ප්‍රකාශය ජනතාව අතර නොසංසුන්තාවක් ඇති කිරීමට හේතුවී ඇතැයි සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට අද (15දා) පැමිණිලි කළහ.

Read More

දෙවැනි පාසල් වාරයේ පාසල්වලට වැඩියෙන්ම සිසුන් පැමිණි දිනය අද (15දා) වාර්තා වූ බව ගුරුවිදුහල්පතිවරු සඳහන් කරති.

Read More

මිනුවන්ගොඩ ඇතිවූ සිදුවීම සම්බන්ධනේ ප්‍රකාශක් ගැනිම සඳහා මිනුවන්ගොඩ පොලීසියට කැඳවා තිබූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගෙන් අද දිනයේදී ප්‍රකාශයක් ලබාගෙන නොමැත. නැවතත් හෙට උදෑසන 9.30ට මිනුවන්ගොඩ පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබේ.

Read More

වයඹ පළාතේ ඇතැවූ නොසන්සුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සැකකරුවන් 78ක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් වෙන බව ප්‍රකාශ වුවත් මේවන තුරු තමන් අතට එවැන්නක් බාරදී නොමැති බවත් පාස්කු ඉරුදින එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය හා ඉන් පසු රටේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බවත් කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් මහතා ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (15දා) නියෝග කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කල්ලියේ 97% ක පමණ පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාටඅ අද (16දා) දින භාරදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව කොච්චිකඩේ පල්ලියට බෝම්බකරු රැගෙන ආ වෑන් රථය මිලදි ගත් හා එහි ආසන සකස් කළ සැකකරු පොලීසිය විසින් නව කාන්තන්කුඩි ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය අද (15දා) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

Read More

හෝර්ටන්තැන්න වනෝද්‍යානයට තහනම් මාර්ග භාවිතා කරමින් කිසිම විටක ඇතුළු නොවන ලෙස සංචාරකයන්ගෙන් හා විදෙස් සංචාරක මගපෙන්වන්නන්ගෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදිප් කුමාර මහතා ඉල්ලා සිටී.

Read More

වයඹ පළාතටත්, ගම්පහ දිස්ත්‍රික්කයටත් අද රාත්‍රී 7.00 සිට හෙට (16දා) අලුයම 4.00 තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවිමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

ජාතීන් හා ආගම් අතර මෙන්ම මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘මහසොන් බළකායේ’ ප‍්‍රධානී අමිත් වීරසිංහ නමැත්තා ලබන 28දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශලනී පෙරේරා මහත්මිය අද (15දා) නියම කළාය.

Read More

ආගමික අන්තවාදයෙන් බිහිවන අන්තවාදී ත්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලූ රාජ්‍යයන් මිත්‍රශිලිව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

Read More

නීතිය හා සාමය ආරක්ෂා කිරීමත් සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කිරිමත් නායකයන් ලෙස මේ අවස්ථාවේ වගකීමක් බවද ඔහු සඳහන් කරයි.

Read More

සම්බුදු තෙමඟුල යෙදී ඇති වෙසක් පොහෝ දිනය හේතුවෙන් අනිද්දා (17දා) සිට 20 දා දක්වා දින 4ක් සුරා සැල් වසා තැබිමට සුරා බදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

Read More

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වූ පුද්ගලයන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලීසියට නියෝග කර තිබේ.

Read More

කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේදි දඹුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇත.

Read More

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

‘සම්පූර්ණ මුහණ’ යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට දෙකන් ඇතුළත් නෙවන පරිදි අර්ථ නිරූපයක් කර තිබේ.

Read More

බන්ධනාගාරගත කොට ඇති යාපනය විශ්වවිද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයා වහාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් අද (15) විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ඒම ප්‍රහාරයේ තාක්ෂණික කටයුතු මෙහෙයවා ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ ඔහු පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ විසින් වසර තුනක පමණ කාලයක සිට අයි.ඒස්. ත්‍රස්ත සමබඳතා සම්බන්ධයෙන් විමර්ශන කර ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

විවාහක කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කර රුපියල් එක්ලක්ෂ හතලිස්දහසක හා පනස්පන්දහසක වටිනාකම් ඇති ගෙල බැදි රන් මාල දෙකක් කොල්ලකෑ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන බදුල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී නඩු වාරයක් සඳහා මහියංගණ උසාවිය සඳහා ගෙනවිත් සිටියදී, ඊයේ (14) දහවල් සිරකූඩුවෙන් එළියට ගැනිමේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පළා ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.