මංගලගේ ප්‍රකාශයට එරෙහෙව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට සිදුකළ ප්‍රකාශය ජනතාව අතර නොසංසුන්තාවක් ඇති කිරීමට හේතුවී ඇතැයි සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට අද (15දා) පැමිණිලි කළහ.
රටේ විවිධ ප්‍රදේශවල පසුගිය දින කිහිපයේ ඇතිවූ ජාතිවාදී සිදුවීම් සඳහා ඇමතිවරයාගේ ප්‍රකාශය හේතුවී තිබෙන බැවින් මේ සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
ජාතීන් අතර අසමගිය පතුරුවන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ක්‍රියාත්මක කරන ලෙසද එමගින් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ෂෙහාන් සේමසිංහ,තේනුක විදානගමගෙ,ජානක වක්කුඹුර,කංචන විජේසේකර,ඉන්දික අනුරුද්ධ,ඩී.වී.චානක මහත්වරුන් සහ නීතීඥ ප්‍රේම්නාත් සී.දොළවත්ත මහතා පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පොලිස් මූලස්ථානයට පැමිණියහ.
මේ අතර සිංහල ජනතාව ප්‍රකෝපකරවන ආකාරයේ ප්‍රකාශ සිදුකරන මංගල සමරවීර මහතාට එරෙහිව කොළඹ, කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ෙහෙට (16දා) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමය සඳහන් කළේය.

popular news
-
චමින්ද Wednesday, 15 May 2019 10:07 PM
පසුගිය දිනක සිදුකල තරුණයා යන්නට අදාල නිර්වචනය මොවුන්ට අදාල නැද්ද
Reply : 0 0
ranjith Thursday, 16 May 2019 04:54 AM
මේ වගේ අසංවර කතා නිසා පක්ෂය වල පල්ලට ගෙනියනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

