saravita-anim2

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 9878 hours ago

LATEST

නාලිකා තුනකට එරෙහිව මැකොට පැමිණිලි කරන්න යයි

calendar_today 2019 ඔක් 15 - 17:41 remove_red_eye - 1431  

එම රූපවාහිනී ආයතන ජනාධිපති අපේක්ෂකයන්ට ලබාදෙන ගුවන් කාලයන් සම්බන්ධව දිනපතා නීතිඥයන් කණ්ඩායමක් යොදවා සොයා බලමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඔක්තොබර් 31 දා සහ නොවැම්බර් 01 දා යන දිනයන් හි සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (සැළසුම්) චන්න පී. ද සිල්වා සඳහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එළැඹෙන ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

යුද්ධයේදී යුද හමුදාවට නායක්තවය දුන්නේ තමන් හෝ තම සහෝදරයා (හිටපු ජනපති මහින්ද රාජපක්ෂ) නොව එවක යුද හමුදාපති (එවක යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා) බව හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

අපි රටේ තිබුණ තිස් අවුරුදු යුද්ධය නිම කර බවත් අඩුම ගාණේ බිම් බොම්බයක්වත් නැති ලස්සන රටක් භාරදුන්නත් පසුගිය අප්‍රේල් 21 දා පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් 300 ගණනකට ජිවිත නැතිවුණා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පොහොට්ටු පිපිලා පරවෙලා යනවා අන්න ඒක තමයි මේ ඡන්දෙදිත් වෙන්නේ යැයි විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එය නිවරදි කිරීමට කටයුතු කරන බවත් ඒ ඒ පළාත්වල මන්ත්‍රීවරුන්ට මෙය වළක්වන ලෙසට උපදෙස් දී ඇති බවත්ය.

Read More

සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙසට පත්කරන බවට සිදුකල ප්‍රකාශය නිසා පොලිසිය කකුල් වෙවුලා සිටින බවත් හමුදාවටම බනින හිටපු හමුදාපති ආරක්ෂක ඇමති කරන බවට කළ කතාව කොතරම් වැදගත්ද කියා සිතිය යුතු බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා පොලීතින් භාවිතා කරමින් පරිසරය විනාශ නොකිරිමට හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව එම මැතිවරණයක් පැවැත්විම සදහා ජනතා පෙත්සමක් අත්සන් කිරිම අද (15) දින මාතලේ ඔරලොසු කණුව ඉදිරිපිටදී සිදු කෙරුණි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතවරු 300ක්, සංවිධායකවරු 60ක් තවදින 3කින් අපේ වේදිකාවට ගොඩවෙනවා යැයි සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය (මෙම මස 27දා සිට නොවැම්බර් මස 01දා දක්වා) නැරඹීම සඳහා ක්‍රිකට් ලොක්කන්ට ප්‍රභූ පංතියේ ප්‍රවේශපත් 10ක් ලැබී ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

ආණ්ඩුවේ වැඩ කොටස තමන්ට හා ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙදා ගෙන ඉටුකළ හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ලෝක සංචාරක සම්මාන උළෙලේ දී අඛණ්ඩව 3 වන වරටත් ඉන්දීය සාගර කළාපය වෙත මෙහෙයුම් සිදු කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙසට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත්ව තිබේ.

Read More

කොටකෙතන කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ නයනා නිල්මිණී හා කාවින්ද්‍යා චතුරංගි නැමැති මව හා දියණිය ඝාතනය කිරීමේ සිදුවීමේ චෝදනාවන්ට වරදකරුවූ ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා විසින් මරණ දඬුවම නියම කළේය.

Read More

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩගුවට ගත් සැකකරු 127 දෙනා අතරින් යම් පිරිසක් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය දියත් කළ සහරාන් හෂීම්ගේ දේශනා අසා රැඩිකල්කරණයට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

වර්තමානයේ මහා සංඝරත්නයටත් බුදු දහමටත් එල්ලවන බලපෑම නිසා තමන් සිටින්නේ සිංහල බෞද්ධ රටක දැයි ප්‍රශ්නකාරී වන තරමට රට අගාධයකට ගොස් ඇතැයි හිටපු කථානායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

විරුද්ධවාදින්ගේ කුමන්ත්‍රණවලට හසුව අසෝභන විදියට හැසිරෙනවා නම් එය විරුද්ධවාදින්ගේ අවශ්‍යතාවය ඉටු කිරීමක්.

Read More

මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පුළුල් විප්ලවීය පරිවර්තනයක් අවශ්‍ය බවත්, ජාතික ජනබල ව්‍යාපාරයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා එය සිදුකළ හැකි බවට තමන් විශ්වාස කරන බවත් ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

තමන් ජනාධිපතිවරයා වුවහොත් පාසල් ළමයින් සඳහා වසරකට නිල ඇඳුම් දෙකක් ලබාදෙන බවත්, දැනට නැවතී ඇති පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට යළි පණ දෙන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

Read More

ප්‍රමිතියෙන් තොර සයිටම් ආයතනය වසාදමා සයිටම් අර්බුදය විසඳා තිබියදී එවැනි ආයතන දහයක් නැවත ඇති කරන බවට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා වහසිබස් දොඩවමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

ජනපතිවරණයේදී ජන්දය භාවිත කිරීමේදී ඡන්ද දායකයන් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් පිරිසකගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලැබී තිබේ. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

Read More

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

තම ප්‍රතිපත්ති යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්‍‍සේ හුවමාරු වන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බව ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති.

Read More

එක්සත් ජාතික පක්ෂයේ සංවිධානාත්මක කණ්ඩායම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්විම් වලට රිංගා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණට පැමිණි නායකයන් අපහසුතාවට පත් කරමින් ප‍්‍රසිද්ධියේ ‘හූ’ කීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බැවින් ඊට හසු නොවන්නැයි රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ගෙන් අද (14) ඇඹිලිපිටියේ දී ඉල්ලා සිටියේය.

Read More

ඉදිරි දින කිහිපයේදී දැනට පවතින වැසි තත්ත්වය තරමක් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වතුකරයේ ඇතැම් වෘත්තීය සමිති නායකයින් මෙවර ජනාධිපතිවරණයේදි වෙනත් අපෙක්ෂකයන්ට සහයෝගය දැක්විමට තිරණය කළද වතුකරයේ සමස්ත ජනතාව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති කරවිමට ඡන්දය ප්‍රකාශ කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

ලංකා දේශපාලනයේ ඉතාමත්ම තීරණාත්මක කුඩා මැතිවරණයක් වූ ඇල්පිටිය මැතිවරණය සාර්ථක ලෙස ජයග‍්‍රහණය කිරීමට පොදුජන පෙරමුණ සමත් වු බවත්, දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරණයකට නාම යෝජනා දී මැතිවරණයට දින නියම කිරීමෙන් අනතුරුව ප‍්‍රාදේශීය සභා මැතිවරණයක් පැවැත්වූ එකම අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පෙරහැරේ යන අලි පොහොට්ටුවට එකතු වි ඇති බවත් කොටන් අදින අලි සජිත් පේ‍්‍රමදාස මහතා සමග එකතු විමට නියමිත ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

Read More

කවුරු කොහොම කිව්වත්, කොළඹ දිස්ත්‍රික්කයේ ජය එක්සත් ජාතික පක්ෂයට බව ඒකාන්ත බවත් කොළඹ කියන්නේ එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් බවත් නිකම්ම බලකොටුවක් නොව, වැඩකරපු, වැඩකරන, දැවැන්ත සංවර්ධනයක් ලබා තිබෙන බලකොටුවක්’’ යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.