උඩරට දුම්රිය මාර්ගයේ පස් ඉවත් කිරීම තවදුරටත්
ඉකුත් 4 දින රාත්රියේ විශාල පස් කන්දක් කඩා වැටී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ පස් කඳු ඉවත් කිරීම සිව් වැනි දිනටත් සිදුවෙමින් පවතී.
එම නිසා දියතලාව බණ්ඩාරවෙල අතර දුම්රිය ගමනාගමනය සිදු නොවේ. කොළඹ සිට බදුල්ල බලා එන දුම්රිය දියතලාව දක්වා සීමා වී ඇති අතර බදුල්ල සිට එන දුම්රිය බණ්ඩාරවෙල දක්වා සීමා වී තිබේ.
පස් කන්දේ විශාලත්වය අනුව සහ දෙපස ඉවුරු පිහිටා තිබීමත් නිසා දුම්රිය මාර්ග සේවකයින්ට පස්කඳු ඉවත් කිරීමට අපහසු වී ඇත. මේ වෙනවිට බැකෝ යන්ත්ර තුනක් මගින් පස්කඳු ඉවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.
popular news
-
Champa Saturday, 07 December 2019 07:53 PM
ඇයි මේකටත් හමුදා සහය ගන්නේ නැත්තේ යාපනේ වගේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

