රනිල් වෙනුවට සජිත්ට නායකත්වය දීම හිසේ අමාරුවට කොට්ටේ මාරුවක්
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ගෙන ඒම හිසේ කැක්කුමට කොට්ට මාරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂ නායක ධූරයට පත් කිරීමට එජාපය තීරණය කර තිබෙනවා. එතුමා දිගු කළක් සටන් කරලා තමයි විපක්ෂ නායක ධූරය දිනා ගත්තේ. ඒ නිසා එතුමාට චිරාත් කාලයක් විපක්ෂ නායක ධූරය දැරීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම ලොව දිගුම කළක් විපක්ෂ නායක ධූරය දැරූ පුද්ගලයා ලෙස ලෝක වාර්තාවට හිමිකම් කියන රනිල් මැතිතුමාගේ වාර්තාව බිඳ දැමීමට එතුමාට හැකි වේවායි හදවතින්ම සුබ පතනවා. මේ කුහක කමින් කරන ප්‍රාර්ථනාවක් නොවේ. ඉතාම සද්භාවයෙන් කරන ප්‍රාර්ථනාවක්.
ඊළඟ පියවර ලෙස එජාපයට වැලඳී තිබෙන දහ අටක් වූ සන්නි අට අනූවක් වූ ව්‍යාධි වලට පිලියම හැටියට එජාප මන්ත්‍රිවරුන් යෝජනා කරලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවට සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයට ගෙන ඒමයි. රනිල් වෙනුවට සජිත් ආවොත් ජනතාව එජාපයට ඡන්දය දේවි ද? දැන් ජනාධිපතිවරණයටත් ලොකු සටනක් දීලා ඡන්දය ඉල්ලන්න හිටිය රනිල් මැතිතුමා පැත්තකට කරලා සජිත් මැතිතුමාට අපේක්ෂකත්වය ලබා ගත්තේ සජිත් ආවොත් දිනන්න පුළුවන් කියලානෙ. ඒත් සජිත් පැරදුනානෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්ද පැරදුනාට වඩා කුජීත විදිහටයි සජිත් ප්‍රේමදාස මැතිතුමා පැරදුනේ. ඒ පරාජයට සැබෑ හේතු සොයා ගත්තේ නැති නම් සජිත් මැතිතුමා පක්ෂ නායකත්වයට ගෙන ඒමෙන් ඵලක් වෙන්නේ නෑ.
මේ රටේ ජනතාව රනිල් මැතිතුමාව ප්‍රතික්ෂේප කළේ එයාගේ වයස වැඩියි කියලාවත් ටයි කෝට් අඳින නිසාවත් මුහුණ කැතැයි කියලාවත් නොවේ. එතුමාගේ ප්‍රතිපත්ති සහ වටේ සිටින අය නිසා. ඒ නිසා බටහිර ගැති සිංහල විරෝධි ප්‍රතිපත්ති වෙනස් කළේ නැති නම් වටේ ඉන්න සුමන්තිරන්, අන්තවාදි රිෂාඩ්, පච කියන පා ච රණවක, බොරුවට උපන් රාජිත, බටහිර ගැති මංගල වැනි චරිත සමග ආවොත් සජිත්ට අත් වෙන්නෙත් රනිල්ට අත්වුණු ඉරණමමයි. ඒක ගැන නම් අංශුමාත්‍රයක සැකයක් තියා ගන්න එපා.”

popular news
-
Appuhami Sunday, 08 December 2019 09:34 AM
අපිත් දැන් එහෙම එකක් ද කලේ කියල හිතෙනවා
Reply : 0 0
Dayan Sunday, 08 December 2019 10:15 AM
ජාතිවාදය ඉතා හොඳින් මාර්කට් කරනවා. ජයවේවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

