එංගලන්ත නඩුවෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක වරදකරු වෙයි
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවෙන් ඔහු වරදකරු බවට පත්ව තිබේ.
2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියකට එරෙහිව මෙම නඩුව විභාගයට ගැනිණ.
ඊයේ දිනයේ එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කළේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400 ක දඩ මුදලක් නියම කරන බවයි.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම් නොතකා බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු මහතා “රාජ්‍ය තාන්ත්‍රික මුක්තියෙන් ආරක්ෂා නොවන” බවට මීට පෙර දුන් තීන්දුවක් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහවුරු කර තිබේ.
මීට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරුණද බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ කාර්යමණ්ඩලය අතර ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම අධිකරණ වරෙන්තුව අවලංගු කර තිබුණි.
popular news
-
Champa Saturday, 07 December 2019 07:51 PM
තනිකරම වැඩි තීන්දුවක්. වියාන සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ලංකාවේ දිප්ලෝමට් කෙනෙක් මුක්තියෙන් ආරක්ෂා වෙන්නේ නැත්නම්, බ්‍රිතාන්‍ය diplomats ලාටත් තානාපති මුක්තිය බලපාන්නේ නැහැ. මේ ගැන බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්ට ලංකාව විරෝධය පල කරන්න ඕනේ. එහෙම කරලා කියන්න ඕනේ මීට පස්සේ බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන්ටත් විරුද්ධව නඩු දානවා කියල ලංකාවේ නීති කඩ කලොත්. දැනට මාර්ග නීති කඩ කලාට තානාපති වාහන වලට දඩ නැහැ. විශේෂ වරපරසාද නිසා. දැන් මේකට විරුද්ධව කතා නොකොළොත් අනිත රටවලුත් මේක පටන් අරන් ලංකාව ලොකු අමාරුවක වැටෙනවා. ස්විස් එම්බසිය වගේ අනා ගන්නේ නැතුව නියපොත්තෙන් කඩන්න තියෙන දේ නියපොත්තෙන් කඩන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

