saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10133 hours ago

LATEST

පක්ෂය කැමති නම් එජාපය සමගි කර ජයග්‍රහණය කරා ගෙනයාමට සූදානම්

calendar_today 2019 දෙසැ 17 - 05:16 remove_red_eye - 1343  

එක්සත් ජාතික පක්‍ෂය සමගි කර ජයග්‍රහණය දක්වා ගෙනයාමට පක්‍ෂය විසින් තමන්ට වගකීමක් ලබාදෙන්නේ නම්, කොන්දේසි කිහිපයක් යටතේ එය ඉටුකිරීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතා පවසා ඇතැයි වාර්තා වේ.

19 දුර්වල සංශෝධනයක්. ඒක අපැහැදිලියි. ඒ වගේ අපැහැදිලි ව්‍යවස්ථාවක් රටකට තියෙන්න බෑ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ නව සංකේත ගිවිසුමක් ඇති කර ගනිමින්, යුරෝපය, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග නවතම ගමනාන්ත 18 ක් කරා ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන් පිරිසක් අද (16) රුහුණු විශ්ව විද්‍යාලය ඉදිරිපිටදි අත්පති‍්‍රකා බෙදා හැරිමක් සිදුකරන අතරවාරයේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ එයට බාධා කිරිමත් සමග යම් උණුසුම් තත්ත්වයක් ඇති විය .

Read More

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන දේශීයව බඳවාගත් නිලධාරිනියකට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මොක් මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාවට හානියක් කිරීමට ස්විට්සර්ලන්තයේ කිසිදු අභිප්‍රායක් නොතිබූ බවයි.

Read More

මහමැතිවරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන බවත්, යාන්ත්‍රණය බැසිල් රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරනු ඇති බවත් ජනාධිපතිවරයා ලෙස තමන් ඊට සහාය දක්වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයේ දිගටම රැඳීසිටීමට තමන්ට උවමනා නැතැයි එම පක්‍ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16දා) පැවසීය.

Read More

පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය මේ මස 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියෝග කළේය.

Read More

ආර්ථිකය සුබවාදී දිශානතියකට යොමු වේ යැයි තමන් විශ්වාස කරන බවත්, ලබාදුන් බදු සහන සමග ආයේජකයන් දිරිමත් වනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

වෛරයෙන් පළිගැනිමේ චේතනාවෙන් රටක් ගොඩනැංවිය නොහැකි බවත් පසුගිය රජය එයට හොඳම උදාහරණය බවත් උසස් අධ්‍යාපන නවෝත්පාදන සහ තාක්ෂණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය .

Read More

මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම පිළිබඳව නඩු සියයට එකසිය පනහකින් වැඩි වි ඇති බවත් බන්ධනාගාර තුළ රඳවා තබන්නට පුළුවන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් මේ නිසා ඇති වි ඇති බවත් හෙරොයින් මේ සඳහා මුලිකවම බලපා ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

ජනවරම තුළින් ජනාධිපතිවරයා පත් කර තවම මාසයක් කිට්ටුවට කාලයක් ගතවි ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ජනතාවගේ හෘදස්පන්දනයට කිට්ටු සහ ප‍්‍රසාදයට ලක් වි ඇති බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

අන්තර් ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද හිමි පත් කර තිබේ.

Read More

යුද භූමියේදී මිය ගිය අයගේ සිරුරු ගන්න බැරිවෙනවා. හමුදාවේ 6000කට වඩා අතුරුදන් මේක. හරිහැටි තේරුම් ගන්නේ නැතිව දේශපාලනික කාරණයක් වීමයි ප්‍රශ්නය වී තිබෙන්නේ.

Read More

මුන්දලම කරිකට්ටිය ප්‍රදේශයේ අද ( 16) දින දහවල් ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන බවුසරයක මෝටර් රථයක් ගැටි එක් අයකු මරණයට පත්වු බව මුන්දලම පොලීසිය පවසයි.

Read More

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ සැකකරුවන් දෙදෙනා ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනා ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියෝග කළේය.

Read More

(UPDATE)පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය මේ මස 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියෝග කළේය.

Read More

නගරයක් සංවර්ධනය කිරීමේදී රජයේ සහා පළාත් සභාවේ සහයෝගය අවශ්‍ය බවත් ඒ අනුව නව රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහාය පොළොන්නරුව නගරය ඉදිරියටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

දිවයින පුරා විශේෂයෙන් උතුර, නැගෙනහිර හා ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (17දාඇති) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර භාර ගැනීම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

රාජිත සේනාරත්න කියන්නේ දේශපාලඥයෙක්. දේශපාලනයේ අංගයක් තමයි බොරු කියන එක. මම මේ සංස්කෘතියෙන් ඉවත් වෙන්නයි බලන්නේ. දැන් ජනතාව එහෙම ඒවා බාර ගන්නේ නෑ.

Read More

රැඳවියන් 12,000 කට ප්‍රමාණවත් වන දිවයිනේ බන්ධනාගාර තුළ මේ වන විට සිරකරුවන් හා සැකකරුවන් 25,300 ක් පමණ රඳවා සිටින අතර මේ අයගෙන් 16,000 ක් සැකකරුවන් බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පවසයි.

Read More

ස්විස් තානාපති කාර්යාලය ගැන ගැන කිසිම සැකයක් නෑ. මෙකේ වින්දිතයා සේවිකාව නෙමෙයි මමයි.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතිවි ඇති ගංවතුර නිසා අක්කර 4375ක් වගාකරන ලද උස්බිම් වගා ජලයට යටවි ඇති බව දිස්ත්‍රික්ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පසුගිය පාස්කු ඉරිදා සිදුවු ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන අදහස් දැක්වූ ඩුබායි රටේ සේවය කරන ශ‍්‍රීලාංකිකයන් තිදෙනා සම්බන්ධව නඩු පවරා ඇති නිසා කඩිනමින් ඒ සම්බන්ධයෙන් මැදිහත්ව ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව තහවුරු කරන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.

Read More

මැතිවරණ සමයේදී එම්.සී.සී. ගිවිසුම රටට හොඳ නැති බවට ජනතාව බියවැද්දූ වර්තමාන ආණ්ඩුව මේ වනවිට එම්.සී.සී ගිවිසුම හොඳ බව පවසමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

තිරිඟු ආනයනය වෙනුවෙන් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 36ක බදු රුපියල් 8ක් දක්වා පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

හබරණ ,කැකිරාව ,දිගම්පතහ , සිගිරිය, මරදන්කඩවල ,ආදී ප්‍රදේශවල යතුරුපැදි සොරකමේ නිරතව සිටි බව කියන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක තිදෙනකු අද (16) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි.

Read More

මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ කිසිදු වෙළඳ සලක දුම්වැටි, බීඩි, සුරුට්ටු, දුම්කොළ, පොලිතීන්, ප්ලාස්ටික් විකිණීම හා පරිහරණය සපුරා තහනම් බව නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පැවසීය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවලු ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් සියලුම එළවලු වර්ග වල මිල ශ්‍රීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.